12-killed-in-stampede-at-Madagascar-Games-opening-ceremony

මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනානාරිවෝ (Antananarivo) හි ක්‍රීඩාංගනයක සිදු වූ සෙනඟ තෙරපීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අගමැති ක්‍රිස්ටියන් නට්සේ (Christian Ntsay) පවසයි.
මහමසිනා (Mahamasina) ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ ඉන්දීය සාගර මැඩගස්කර දූපත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අතරතුර තවත් 80 දෙනෙකු තුවාල ලබා තිබේ.


රතු කුරුස නිලධාරි ඇන්ට්සා මිරාඩෝ AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ - ඇතුළුවන ස්ථානයේ විශාල පිරිසක් සිටි බවයි.
ක්‍රීඩාංගනයේ සිටි ජනාධිපති Andry Rajoelina එය "ඛේදනීය සිදුවීමක්" බව ප්‍රකාශ කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ප්‍රකාශ කර සිටියේය.
41,000 කට ආසන්න ප්‍රමාණයකට ඇතුලු විය හැකි මහමසින (Mahamasina) ක්‍රීඩාංගනය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වේ.



තුවාල ලැබූ පුද්ගලයන් රැසක් බිම වාඩි වී සිටින අයුරු හා විපතට පත්වූවන් ක්‍රීඩාංගණයෙන් ඉවතට ගෙන යන ආකාර දැක්වෙන දර්ශන නිකුත් වී තිබේ.

1977 දී පිහිටුවන ලද ඉන්දියන් ඕෂන් අයිලන්ඩ් ක්‍රීඩා උළෙල සෑම වසර හතරකට වරක් පැවැත්වෙන බහු ක්‍රීඩා ඉසව්වකි

මෙයට කොමරෝස් (Comoros), මැඩගස්කරය (Madagascar), මොරිෂස් (Mauritius), සීෂෙල්ස් (Seychelles), මාලදිවයින (Maldives)  සහ රියුනියන් (Réunion) යන දූපත් ජාතීන් සහභාගි වනු ලබයි.

2018 දී මැඩගස්කර-සෙනෙගාල් පාපන්දු තරගයක් ආරම්භ වීමට පෙර මහමසිනාහිදී ඇති වූ තෙරපීමකින් එක් අයෙක් මිය ගිය අතර තවත් 40 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.



2016 දී මැඩගස්කරයේ ජාතික දින සැමරුම අතරතුර එම ස්ථානයේම අත්බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර 80 දෙනෙකු පමණ තුවාල ලැබූහ. නිදහස් උත්සව ප්‍රසංගයක් අතරතුර මෙම පිපිරීම සිදු විය.

මීට වසර දෙකකට පෙර, එම ක්‍රීඩාංගණයෙන් පිටතදී අත්බෝම්බයක් පිපිරීමකින් කුඩා දරුවෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුට තුවාල සිදු විය.


12-killed-in-stampede-at-Madagascar-Games-opening-ceremony