ricket-world-cup-2023-icc-announces-warm-up-fixtures

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC)  ඉන්දියාවේ පවත්වන ICC පිරිමි ඕවර 50 ක්‍රිකට් ලෝක කුසලානයේ නිල පෙරහුරු තරඟ අද (29) ශ්‍රීලංකා බංග්ලාදේශ තරගයෙන් ඇරඹේ.
අද දිනයේදී පුහුණු තරග 3ක් පැවැත්වීමට නියමිතය.
ගුවාටි හිදී පැවැත්වෙන මෙම පුහුණු තරගය මෙරට වේලාවෙන් ‍පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබේ.
තවත් පුහුණු තරගයක් ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම් හිදී අද පැවැත්වෙයි.
තවත් පුහුණු තරගයක් පාකිස්තානය සහ නවසීලන්තය අතර හයිද්‍රාබාද් හිදී අද පැවැත්වෙනු ඇති.
මෙම වසරේ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා මුළු කණ්ඩායම් 10 ක් සහභාගී වන අතර මෙම කණ්ඩායම් දහයෙන් එක් එක් කණ්ඩායම පුහුණුවීමෙ තරග වලට සහභාගී වනු ඇත.
ඔක්තෝම්බර් 5 වන දින නිල තරගාවලිය ඇරඹේ.