සිය භාර්යාවගේ තුන වසරේ ඉගෙනුම ලබමින් සිටි අට හැවිරිදි බාල වයස්කාර බාලම නැගෙණිය (නෑනා) අපහරණය කළ අයෙකුට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (10දා) බරපතළ වැඩ සහිතව වසර පහළොවක සිර දඬුවමක් නියම කළේය.
ඌරගස්මංහන්දිය,කයිලත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.
දඬුවමට අමතරව අදාළ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් හා රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි මුදල් හා දඩ මුදල් නොගෙවන්නේ නම් වසර දෙකයි මාස නවයක ලිහිල් සිර දඬුවමක් ලබා දෙන ලෙසද මහේස්ත්රාත්වරයා නියම කළේය.
2006 ජනවාරි මස 6 සිට 2006 වසරේ ජනවාරි මස 31 දක්වා අවස්ථා කිහිපයකදීම මේ සැකකරු සිය බාල වයස්කාර අට හැවිරිදි නෑනා අපහරණය කළේ යැයි කියමින් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
වසර දාහතක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරු එම චෝදනාවට වැරදිකරු කරමින් බළපිටිය මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට බරපතළ වැඩ සහිත වසර පහළවක සිර දඬුවම් හා වන්දි මුදල් ,දඩ මුදල් ලබා දීමට නියෝග කෙරිණ.
රජයේ අධිනීතිඥ සෞම්යා විජේසිංහ මෙනෙවිය නඩුව මෙහෙයවීය.
කරන්දෙණිය එම්.සුසිල් පියන්න
0 Comments