Schools-resume-on-Maui-island-after-wildfires

හවායි  දුපතේ බටහිර Maui පසුගියදා ඇති වු ලැව් ගින්නෙන්  අවම  වශයෙන් පුද්ගලයින් 111 මිය යන්නට ඇතැයි සැක පල කරයි.  මෙම මරණ ප්‍රමාණය තවත් ඉහල අගයක් ගනු ඇති බවට  අනාවැකි පළ කරයි.   
මෙම විනාශයෙන් පසු  එහි පාසැල් විවෘත වු අතර ලැව් ගිනි නිසා තෙවන  Kamehameha රජුගේ නම් කොට ඇති ප්‍රථමික පාසැලත් විශ්ව විද්‍යාලය  තුනකටත් හානි වී ඇත. මිට අමතරව නිවාස සහ ගොඩනැගිලි 2200 විනාශ වි ඇතැයි  බලධාරීන් ගණන් බලා ඇත .



නැවත පාසැල් ඇරඹීමෙන් පසු ගුරුවරුන් ගේ දෙමාපියන් ගේ වගකිම වන්නේ   ළමුන්ගේ    මානසික  සෞඛ්‍යය මුල්තැන දිම බව උසස් පාසැල් ගුරුවරයෙක් වන මයිකල් ලැන්ඩස් පවසා සීටී .

විනාශයෙන් පසු  නැවත පාසැල් ඇරඹීමට යැමේදි බලධාරීන් මුහුණ දෙන    අභියෝග  ගණනාවකි.  හනියට ලක් වු පදිංචිකරුවන් දැනටමත් හානි නොවු ප්‍රදේශවල පාසැල් තුළ පිහිටි සරණාගත කදවුරු වල රැදී සිටිති.  බොහෝ  පාසැල් යන මට්ටමේ දරුවෝ  කම්පන පීඩාව නිසාම පාසැල් ඒමට මැලිකමක් දක්වති. බොහෝ දෙමාපියන් නැවත එම ප්‍රදේශයේ පදිංචි  විම ප්‍රතික්ෂේප කරති.



මෙම තත්ත්වය පිළිබඳව තවදුරටත්  අදහස් ප්‍රකාශ කරන  මයික් ලැන්ඩස් ප්‍රකාශ කර සිටින්නේ  අප ප්‍රථමයෙන් කළයුතු කාර්යය වන්නේ පීඩාවට පත් ප්‍රජාවගේ මානසික මට්ටම ගොඩ නැගීමයි.එසේම යහපැවැත්ම සේම කම්පනයට පත් පුදගලයන් කෙරෙහි නිරන්තර සමාජ සැලකිල්ල පවත්වාගෙන යාම වඩාත් වැදගත් බවයි.
අගතියට පත් පාසල් සිසුන්,දෙමාපියන් සහ කාර්ය මණ්ඩලය සදහා උපදේශන සේවාවාක් දැනටමත් හවායි ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්ථමේන්තුව අරඹා ඇති බව එහි වෙබ් අඩවියේ සදහන් කරයි.
පසුගිය සතියේ KIHEI හි ඇරඹි ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකුගේ පියෙකු වන කෝට්නි වෝල්ටර් ප්‍රකාශ කර සිටියේ ගුරුවරුන්ගේ වගකීම වන්නේ පාසල් දරුවන් හැකිතාක් දුරට සාමාන්‍යය තත්ත්වයට පත් කිරීමයි.එසේ සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු පෙර පරිදි අධ්‍යාපන රටාවන් සදහා ඔවුන් අනුගත කළ හැකි බවයි


ගින්නට හසු නොවුන කලාපයේ පාසල් දැනටමත් විවෘත කොට ඇති අතර තාවකාලිකව කදවුරු වල රැදී සිටින පාසල් යන මට්ටමේ දරුවන් එවැනි විවෘත කොට ඇති පාසල් සදහා ඇතුල් කිරීමට එරට රජය දැනටමත් කටයුතු කොට ඇත.මෙම තත්ත්වය යටතේ අදාල හානියට පත් ප්‍රදේශයේ සිසුන් 400ක් පමණ වෙනත් පාසල් සදහා අනුයුක්ත කොට ඇති අතර සිසුන් 200 පමණ Online ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇත.එහෙත් ලහිනා රජය ප්‍රකාශ කරන්නේ ගින්න නිසා හානියට පත් වූ පාසල් වල සිසුන් 3000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබා ඇති බවයි.ගින්නෙන් දරුවන් කීයක් මිය ගියාද,ඔවුන් පාසල් යන්නේ කොතනටද යන්න තවමත් නොවිසදුනු ගැටළුවකි.