A-new-record-in-75-years-of-Sri-Lankan-cinema-history-15-days-and-500-lakhs

මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා 75 ක පමණ අති සාර්ථකව තිරගත වන කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය වසර 75 ක් සපුරා 76 වන වසරට පියනැගූ ශ‍්‍රී ලාංකේය සිනමා වංශකථාවේ නව පෙරලියක් සිදුකර ඇත.



අගෝස්තු මස 3 වන දින සැවෝයි සිනමා ශාලාවෙන් මංගල ගමන ඇරඹූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය දින 15 ක් තුළ දී ශ‍්‍රී ලාංකාවේ මෙතෙක් තිරගත වූ ශ‍්‍රී ලාංකේය චිත‍්‍රපටයක් ලැබූ වැඩිම ආදායම වන රුපියල් ලක්ෂ 500 ක සමස්ථ ආදායම් වාර්ථාවක් තබා තිබෙනවා.



ගරා වැටෙමින් තිබුනු සිනමා කර්මාන්තය ගොඩ නැංවීමට වෙර දරණ ”කදිර දිව්‍යරාජ” සිනමා සිත්තම මත විශ්වාසය තබා සිනමාශාලා වෙත පැමිණි, සියලූම සිනමා ප්‍රේක්ෂකයන්ටද, කඳ සුරිදු බැතිමතුන්ටද අධ්‍යක්ෂකතුමා, ඇතුලූ චිත‍්‍රපටය නිෂ්පාදනය කළ රයිගම් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ස්තූතිය පළ කර සිටින අතර තවමත් නරඹා නොමැති පේ‍්‍රක්ෂකයන්ටද චිත‍්‍රපටය නරඹන ලෙසට ආරාධනා කර සිටිනවා.
සුනිල් ආරියරත්නයන් විසින් කඳ සුරිඳු ගැන ලියැවුණු ඓතිහාසික ග‍්‍රන්ථ සහ ජනශ‍්‍රැති පාදක කර වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක් මත ලියවුනු තිර කථාවක් ඔස්සේ අධ්‍යක්‍ෂණය කළ විචිත‍්‍ර වු මෙන්ම සංවේදී වූ කදිර දිව්‍යරාජ චිත‍්‍රපටය, කඳසුරිඳුන් ගැන මෙන්ම අප ප්‍රෞඩ ඉතිහාසය ගැනද නොදත් කරුණු රැසක් කියා දෙන්නකි.