Public-assistance-sought-find-Bandarawela-killer

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළැගුම්හලකදී ඊයේ (24) සවස කාන්තාවක් ඝාතනය කර තිබී හමුවූ සිදුවීමට අදාළ සැකකරන ඝාතක පුරුෂයා සෙවීමට පොලිසිය මහජන සහය පතයි.


ළැගුම්හලට ඊට දිනකට පෙර පුරුෂයෙකු පැමිණ ළැගුම් ගෙන තිබෙන අතර ඊයේ 24 දිනයේ උදෑසන කාමරයට කාන්තාවකද පැමිණි බවත් පසුව පුරුෂයා සවස අතුරුදන්වී ඇත්තේ කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව බවටත් කියැවුණි.


ලැගුම්හලේ ඇඳක් මත මෙම කාන්තාව මියගොස් සිටි අතර මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් බවට සාක්ෂි ලැබී තිබුණි.හෝටලයට ලබාදී ඇති දත්ත අනුව කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් මෙම සිද්ධියෙන් පසු අතුරුදන්විය ඔහුව සොයා දෙන්නැයි පොලිසිය මහජන සහය ඉල්ලමින් නිකුත් කළ නිවේදනය හා පොලිසිය නිකුත් කළ ඔහුගේ ඡායාරූපයක් මේ සමග පළවේ.