mother-and-son-cut-the-electricity-attacked-the-officer

තලාව ජයගඟ ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙයි.
කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගඟ ප්‍රදේශයේ නිවසක විදුලිය ව්සන්ධි කිරීම සඳහා කටයුතු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක

සේවකයින් දෙදෙනෙක් මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා ඊයේ (21) දහවල් කාලයේ පැමිණ තිබූ අතර නිවසේ විදුලිය ව්සන්ධි කිරීමට අවශ්‍ය බව පවසා සිටි විට එහි සිටි මවක හා පුතෙකු  විදුලිය විසන්ධි කරනවාට විරුද්ධවී ඇත.


එසේ නොකරන ලෙසත් එදින සවස හිඟ බිල ගෙවා දමන්නට හැකි නිසා දැන් එය නොකර යන ලෙසත් දන්වා ඇත.
නමුත් එම නිලධාරින් පවසා ඇත්තේ, රාජකාරි නීති රීති අනුව විදුලිය විසන්ධි කිරීමට පැමිණි අවස්ථාවක පොරොන්දු මත විසන්ධි නොකර සිටීමට බලයක් නැති බවයි. එය අනිවාර්යෙන් ම කළ යුතු බව‍යි.
ඔවුන් ඒ බව දන්වා නිවසේ විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරීමේ දී, නිවසේ වාසය කළ තරුණ වයසේ පුත්‍රයා
ආසන්නයේ තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරූ පුදගලයාට පහර දී තිබුණේ අමානුෂික ලෙසිනි.
 ලෑල්ල කැඩෙන තුරු පහරදීමෙන් පසුව සවලක්ද රැගෙන විත් බියගන්වා තිබේ.
තුවාල ලත් විදුලි නිලධාරියා සමග අනෙක් පුද්ගලයා  එම ස්ථානයෙන් පිටත්ව ගොස් තලාව පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබුණි.
පහර කෑමට ලක් වූ නිලධාරියා තලාව රෝහලට ඇතුලත් විය.


පසුව මෙම නිලධාරින් පහර දුන් බව පවසමින් ගෙහිමි කාන්තාව ද තලාව රෝහලට ඇතුලත්ව තිබෙයි.
කෙසේ වෙතත් දෙවන විදුලි නිලදාරියා සිද්ධිය ජංගම දුරකථනයකින් පටිගත කළ අතර මේ හේතුවෙන් පහරදීම සිදුකලේ කුවුරුන්ද යන්න ගැන පොලිසියට කරුණු අනාවරණය කරගත හැකි විය.
පහරදීම සිදුකළ පුද්ගලයා මේවන විට තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.