Ancient-Mayan-skulls-full-of-hollows-and-jewels-are-being-found-in-Mexico

මෙක්සිකෝවේ ජාතික මානව විද්‍යා හා ඉතිහාසය පිළිබඳ ආයතනයේ (INAH) අගෝස්තු 23 ප්‍රවෘත්ති නිවේදනයකට අනුව,  ගිනිකොනදීග මෙක්සිකෝවේ කැලෑබද ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යා භූමියෙන්  ඉපැරණි මායාවරුනට අයත් කුහර සහ මැණික් වලින් පිරි හිස් කබල්  පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී .

මෙම හිස් කබල් මීට වසර 1,000කට පෙර, නූතන මෙක්සිකෝවේ විහාරස්ථානයකදී  හිස ගසා දමන ලද මායාවරුන් කිහිප දෙනෙකුගේ බවට පුරාවිද්‍යාඥයන් හදුනාගෙන ඇත. ඔහුන් ඉතා දීර්ඝ කාලයක සිට  ලතින් ඇමරිකාවේ පුළුල් පරාසයක වාසය කළ මායාවරුන්ගේ සංස්කෘතිය සහ සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණ පවත්වයි

මෙම සොයා ගැණීම් අතර අස්ථි කොටස් සහ  හිස් කබල් පහක් විය ඒවා  අඩියකටත් අඩු පස් යට වළලනු ලැබ තිබී ඇත. ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 17 ත් 45 ත් අතර පිරිමින්ට අයත් ඒවා  විය .

හිස් කබල්  සහ  අස්ථි කොටස් සහ නිරීක්ෂණය කරන ලද කැපුම් ලකුණු මත පදනම්ව, පුරාවිද්‍යාඥයින් විසින් ක්‍රිස්තු වර්ෂ 600 සිට 900 දක්වා පැවති අවසාන සම්භාව්‍ය යුගයේදී අවම වශයෙන් මිනිසුන් දෙදෙනෙකු අසල පිහිටි විහාරස්ථානයකදී හිස ගසා දමා ඇති බව තීරණය කළහ.

මීට අමතරව, හිස් කබල් පහම දිගටි වූ අතර, එයින් පෙන්නුම් කරන්නේ පිරිමින්ගේ හිස තරුණ වියේදී කෘතිමව විකෘති කර ඇති බවයි.

ඛණ්ඩනය කිරීම හරහා සිදු කළ හැකි මෙම භාවිතය  සාමාන්‍යයෙන් මායා සමාජයේ ඉහළ පෙළේ අය සමඟ සම්බන්ධ විය.

ජර්නල් ඔෆ් ඇන්ත්‍රොපොලොජිකල් සයන්ස් හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව ළදරුවන් රෝගාතුර වීම වැළැක්වීමට සහ දිගු හිස් ඇති මායා දෙවිවරුන් අනුකරණය කිරීමට හිස් කබල වෙනස් කිරීම සිදු කර ඇත.

හිස් කබල් තුනක දන්ත කුහර ද තිබූ අතර, එයින් පෙන්නුම් කරන්නේ පිරිමින් නිතිපතා කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කරන බවයි, එය බඩ ඉරිඟු වලින් විය හැකි බව පුරාවිද්‍යාඥයෝ පවසති. එක් හිස් කබලක දතක එබ්බවූ ජේඩ් ගලක් ද තිබී ඇත.

"පුරාණ මායා දත්" පොතට අනුව දන්ත වෙනස් කිරීම මායාවරුන් අතර සුලභ වූ අතර විවිධ සමාජ තරාතිරම්වල පුද්ගලයන් අතර එය සිදු විය. මිනිසුන් ඔප දමා, ගොනු කර, දත් විදින අතර, සමහර විට අලංකාර කරන ලද පයිරයිට් සහ ජේඩ් කෑලි අමුණති.

මෑත කාලීන කැණීම් සමයේදී මායාවරුන් 40 කට වැඩි පිරිසකගේ නටබුන් පුරාවිද්‍යා භූමියෙන් අනාවරණය වී ඇති බව පුරාවිද්‍යාඥයෝ පවසති.

Ancient-Mayan-skulls-full-of-hollows-and-jewels-are-being-found-in-Mexico