scientists-celebrate-as-pig-kidney-continues-to-function-in-human-body

මොළය මියගිය රෝගියෙකු සදහා දැනට මාසයකට පමණ පෙරාතුව සවිකළ ජාන වෙනස්කළ ඌරු වකුගඩුව හොදින් ක්‍රියාත්මකව පවතින බව ඊට සම්බන්ධ පර්යේෂකයෝ පවසති. නිව්යෝක් නුවර ශල්‍යවෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගිය ජුලි 14දා මෙම සැත්කම සිදු කර තිබේ.

ඒ අනුව, මෙම ඌරු වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම දැන් දෙවැනි මාසයට අවතීර්ණ වී තිබෙන බවත් ඔවුහු සඳහන් කරති. එසේම මෙලෙස ජාන වෙනස් කළ ඌරු වකුගඩුවක් වැඩිම කාලයක් ක්‍රියාකාරීව පවතින පළමු වැනි අවස්ථාව ලෙසින්ද මෙය සැලකෙයි. "මෙම ඉන්ද්‍රිය සැබැවින්ම මිනිස් ඉන්ද්‍රියක් හා සමානවම වැඩ කරමින් තිබෙනවා.” යනුවෙන් මෙම පර්යේෂණයට  සම්බන්ධ වූ පිරිස් පවසා සිටිති.