බොරැල්ලේ පචිංචිව සිටින චීන ජාත ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළුවූ නාඳුනන පිරිසක් ඔහුගේ අතපය බැඳ බියගන්වා නිවස කොල්ලකෑමට ලක්කර ඇතැයි වාර්තාවේ.
මෙසේ කොල්ලකෑමට ලක් වී ඇත්තේ Su Zu Qing නැමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු බොරැල්ල ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ පදිංචිව සිටියේය.



19 දින රාත්‍රී ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනකු ව්‍යාපාරිකයාටත්, ඔහුගේ භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී  ඇති අතර ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා ගැටගසා තිබේ.

අනතුරුව නිවසේ තිබූ ඇමරිකානු ඩොලර්, යුවාන්, තායි බාත්, හොංකොං ඩොලර්,

ඩිරාම් ඇතුළු විදේශීය මුදල් ද,  ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් පරිගණක 07ක්, අර්මාන් වර්ගයේ අත් ඔරලෝසුවක්, දේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් 05ක්,  සීසීටීවී පද්ධතයේ DVR කොටස සහ KDH වෑන් රථයක් කොල්ලකරුවන් විසින් කොල්ල කා තිබේ.
මේ වනතුරු කොල්ල කෑ දේපල මෙන්ම සැකකරුවන් පිළිබඳ තොරතුරු ද සොයාගෙන නැත.
බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.