වවුනියාව, තෝනිකල් ප්රදේශයේ නිවෙසක උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබිය දී පහර දී නිවෙසට ගිනි තබා දෙදෙනකු ඝාතනය කර අට දෙනකුට තුවාල සිදු කිරිමේ සිද්ධියේ ප්රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුනියාව දුම්රියපොළ ආසන්නයේ දී
පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු වව්නියාව මහේස්ත්රාත් අහමඩ් රහීම් මහතා හමුවට ඊයේ (03) ඉදිරිපත් කිරිමෙන් පසුව පැය 48ක රැඳවුම් නියෝග ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාවේ පදිංචි තිරුලෝගනාදන් රිනක්ෂන් (36) නමැත්තකු බව එම ආරංචි මාර්ග පවසයි.මෙම සිද්ධියේ විමර්ශන වව්නියාව පොලිසිය විසින් මුලින් කරනු ලැබූ අතර පොලිස්පතිවරයාගේ නියමයෙන් සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණි. මෙම සැකකරු සමග මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් 6 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පස් දෙනෙක්ම මෙම මස 11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. මෙම අපරාධ සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදි 3ක් ප්රදේශයේ වැවකට දමා තිබිය දී පොලිසිය විසින් සොයාගනු ලැබීය. අනියම් පෙමක් මුල් කරගෙන මෙම ප්රහාර එල්ල කර ඇති බව දැනට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ප්රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
0 Comments