Horror-Mandarin-Oriental-NYC-man-plunges-marquee-split-half-falling

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පුද්ගලයෙකු උස් ගොඩනැගිල්ලකින් පැන, ඔහුගේ සිරුර දෙකට කැඩී මිය ගිය බව එහි පොලිසිය පවසයි.
පොලිසිය සහ සාක්ෂිකරුවන් ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම පුද්ගලයා ඩොයිෂ් බැංකු මධ්‍යස්ථානයේ මුදුනේ සිට අඩි 750 ක් පහළට වැටී ඇති බවයි.



පනින විට පිජාමාවක් ඇඳ සිටි මියගිය පුද්ගලයා,නිව්යෝක් හි කොලොම්බස් වටරවුම  ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පදික වේදිකාවට වැටී ඇත..



ඒ වන විටත් වීදුරු සහ සුන්බුන් පදික වේදිකාවේ තිබූ අතර,එහි සිරුරේ කොටස් හමු විය.

මෙම පුද්ගලයා ගොඩනැගිල්ලේ ජීවත් වූ බව ගොඩනැගිලි සේවකයෙක් පැවසූ නමුත්  පොලිසිය ඒ බව තහවුරු කර නොමැත. මූලාශ්‍ර පවසන්නේ මෙම පුද්ගලයා ගොඩනැගිල්ලේ මුදුනට යාමට සේවා සෝපානය භාවිතා කරන්නට ඇති බවයි.

ගොඩනැගිල්ලේ ඇති මහල් නිවාස ඩොලර් මිලියන 5 සිට ඩොලර් මිලියන 19 දක්වා ගොස් ඇති අතර එහි වඩාත් ප්‍රසිද්ධ අතීත පදිංචිකරුවන් අතර ජේ-ඉසෙඩ්, ටොම් බ්‍රැඩි, චිකාගෝ කබ්ස් හිමිකරු ජෝ රිකට්ස් සහ තවත් අය ඇතුළත් වේ.



මැයි මාසයේදී, ගූගල් හි 31 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවෙකුද මෙසේ පැන මිය ගියේය. බලධාරීන් පවසන පරිදි මෙම පුද්ගලයා රාත්‍රී 11.30 ට පමණ ගොඩනැගිල්ලේ 14 වන මහලෙන් බිමට පැන ඇත.

111 අංකයට අටවන මාවතේ ගොඩනැගිල්ල අසල සිහිසුන්ව සිටින පුද්ගලයෙකු පිළිබඳව පොලිසියට ඇමතුම් කිහිපයක් ලැබී ඇත. නිලධාරීන් එම ස්ථානයට පැමිණි විට ඔවුන් එම පුද්ගලයා සොයාගෙන බෙල්වුඩ් රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ විය.