පුපුරා නොගිය යුධෝපකරණ දහස් ගණනක් සොයා ගැනීමත් සමඟ ඊසානදිග කාම්බෝජයේ උසස් පාසලක් තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කාම්බෝජය එහි කුරිරු සිවිල් යුද්ධය අවසන් වී වසර 48කට පසුවත්, ලොව වැඩියෙන්ම පතල් කැණීම් කරන ලද රටවලින් එකකි.
ඒ වන විට Kratie පළාතේ Queen Kosomak උසස් පාසල හමුදා ස්ථානයක් ලෙස භාවිතා කර ඇත.
මලකඩ සහිත පුපුරණ ද්‍රව්‍ය ටොන් ගණනක් පිළිවෙලට පේළිවල ගොඩගසා ඇත. අත්බෝම්බ සහ ටැංකි නාශක විදින යන්ත්‍ර ඒ අතර වේ.
සමස්තයක් වශයෙන්, දින තුනක් තුළ යුධෝපකරණ කැබලි 2,000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලද බව, කාම්බෝජයේ බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් Heng Ratana (හෙන්ග් රටන) AFP ප්රවෘත්ති ඒජන්සියට පැවසීය.
උද්‍යානයක් පුළුල් කිරීම සඳහා පොළව එළිපෙහෙළි කිරීමේදී මෙම උණ්ඩ හමුවූ බවත්, මුළු පාසලම එළිපෙහෙළි කළහොත් තවත් බොහෝ දේ සොයා ගැනීමට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.
"මෙසේ ද්‍රව්‍ය සොයා ගැනීම සිසුන්ගේ විශාල වාසනාවකි. යමෙකු පොළව හාරා ඒවාට පහර දුන්නොත් මෙම පුපුරණ ද්‍රව්‍ය පහසුවෙන් පුපුරා යා හැකියි," යැයි හෙන්ග් මහතා පැවසීය.
දින දෙකක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන මෙම පිරිසිදු කිරීම අවසන් වන තුරු පාසලෙන් බැහැරව සිටින ලෙස සිසුන්ට දැනුම් දී ඇත.
කාම්බෝජයේ අට වසරක සිවිල් යුද්ධය 1975 දී අවසන් වූ නමුත්, ඉන් අනතුරුවත් එම රට දිගින් දිගටම පීඩා විඳිති.
0 Comments