
‘සිනොපෙක්’ සමාගම එහි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සිනොපෙක්’ සමාගම ආනයනය කරන දෙවැනි ඉන්ධන තොගය අද (2දා) මෙරටට ළඟා වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීවේය. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සිනොපෙක්' ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගියදා ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවියට විදේශ සමාගම් තුනක් සඳහා අවසර හිමි වූ අතර, සිනොපෙක් සමාගමද ඒ අතර විය.
නවෝද්‍යා පවනි
Comments
Post a Comment
Your comment will be visible after approval