dead-body-bolgoda

සැමියා සමඟ අම­නා­පව පෙරේදා 5 දහ­වල් නිව­සින් පිට වූ දෙදරු මවගේ මළ සිරුර සැක­ක­ට­යුතු අයු­රින් කහ­පොල බොල්ගොඩ ගඟේ පාවෙ­මින් තිබි­යදී ඊයේ 6 පෙර­ව­රුවේ හමුවූ බව කැස්බෑව පොලි­සිය කියයි.

මෙලෙස සැක­ක­ට­යුතු අයු­රින් මිය­ගොස් තිබුණේ කැස්බෑව කහ­පොල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ඒ.එල්.කරු­ණා­වතී නමැති 71 කාන්තා­වකි.

මිය­ගිය කාන්තාව රෝගීව ඔත්ප­ලව ඇඳ මත සිටින සැමි­යාට හිස හැරුණු අතේ යන බව පවසා නිව­සින් පිටවී ගොස් තිබූ බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.



තම මව නිව­සට නොපැ­මි­ණීම සම්බ­න්ධ­යෙන් පෙරේදා සවස සිට පුතු සොයා බලා අන­තු­රුව ඊයේ තවත් පුද්ග­ල­යකු සමඟ මව සොයා බැලී­මේදී බොල්ගොඩ ගඟේ මවගේ සිරුර පාවෙ­මින් තිබුණ දැක පොලි­සි­යට දැනුම් දී ඇත.

මළ සිරුර තිබෙන ස්ථාන­යට පොලිස් ආර­ක්ෂාව යොදවා කැස්බෑව අධි­ක­ර­ණයේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ස්ථාන­යට කැඳවා පරී­ක්ෂණ පැවැ­ත්වී­මට නිය­මි­තය.

කැස්බෑව පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රන්ජන සම­ර­සිංහ මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පරී­ක්ෂක වීර­ව­ර්ධන පොලිස් සැර­ය­න්ව­රුන් වන 49861 කරු­ණා­ති­ලක 28615 කුසුම් සිරි මහ­ත්ව­රුන් පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ