පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක් වුණු අසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ සිද්ධි 06 සැලකීමේදී ඉන් 05ක්ම දරුණු අසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

අසාත්මිකතා හා සංකූලතා ඇතුළු සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාරිතාව ඊයේ (09දා) සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත භාරදෙනු ලැබිණි.



මෙම වාර්තාවේ අරමුණ වූයේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක් වුණු අසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරිමට බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දින නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙම සිද්ධි 06 සැලකීමේදී ඉන් 05ක්ම දරුණු අසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බව වාර්තාවේ සඳහන් වන බවත්, මෙම සිද්ධීන්ට හේතු වූ ඖෂධයන්හි තත්ත්ව පරීක්‍ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම පරීක්‍ෂණ ගැඹුරින් විග්‍රහ කිරීමට වැඩි කාලයක් ගත වන බැවින් එම වාරිතාවේ නිරීක්‍ෂණද සහිතව සවිස්තරාත්මක ඇගැයීම් කමිටු වාර්තාවක් සමග ඉදිරිපත් කිරීමට නියමිතය බවද එම අමාත්‍යාංශය පවසයි.



අසාත්මිකතා විෂයයට අදාළ සිද්ධීන්ට සම්බන්ධ ඖෂධයන්හි තත්ත්ව පරීක්‍ෂණ ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ රසායනාගාරය (NDQAL) ආයතනය මගින් සිදුවෙමින් පවතින බවත්, ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ තදුරටත් පෙර සූදානම, හඳුනාගැනීම හා කළමනාකරණය සඳහා නිර්දේශයන්ද වාරිතාවේ ඉදිරිපත් කර තිබෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදීමේ අවස්ථාවට කමිටු සභාපති වෛද්‍ය පරියේෂණායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, ශ්‍රී ජයවරිධපුර විශ්වවිද්‍යානලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාරිය චන්දිම ජීවන්දර, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රතිකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයන් සහාභාගි වී තිබේ.

ඉන්දික හේවාවිතාරණ/ නිදර්ශනී චික්‍රමසිංහ