dinesh-gunawardane-pm

මහජන එක්සත් පෙරමුණ, ජාතික සංවිධාන හා එක්ව, වාර්ෂිකව පවත්වන අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව 29 වසරටත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 26 දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස දී සිදුකෙරිණි.

මෙහි දී අනුශාසනා කළ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි  මෙසේ පැවසූහ.



“අග්‍රාමාත්‍යතුමා අපේ රටේ බොහෝ කලබලකාරී, තීරණාත්මක යුගයක දී රටේ සෞභාග්‍ය වෙනුවෙන් අභීත තීරණයක් අරගෙන අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු භාරගත්තා. වත්මන් ජනාධිපතිවරයා සමග එකට සිටගත් අග්‍රාමාත්‍යතුමා රට වැටිල තිබුණ තත්වයෙන් ගොඩ අරගෙන රටවැසි සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්නට සැලැස්සුවා. රටේ ප්‍රශ්ණ නිරාකරණය කරමින් රට වැසියන්ට යම් බලාපොරොත්තුවක හැගීමක් හැගීමක් ඇති කළා.

බිහිසුණු කාල පරිච්ඡේදයකදී වගකීම භාරගෙන, ආගමට දහමට ලැදි තුණුරුවන් විශ්වාස කරන, හදවතින් බෞද්ධ වූ කෙනෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීම සියලු දෙනාගේ සතුටට කරුණක්.

අද බුදු දහමට හාමුදුරුවරුන්ට විවිධ චෝදනා එල්ල වන යුගයක ඔබ අග්‍රාමාත්‍යවරයා වශයෙන් නොහිටියානම් ගැටලු රැසක් ඇති වෙන්න තිබුණා. මොනතරම් රාජකාරි තිබුණත් වසර 29 කට පෙර ආරම්භ කළ මේ අධිෂ්ඨාන පූජාව අමතක නොකළ එකත් පැසසුමට කරුණක්.“