disha-patani-colombo

පසුගිය 15 වනදා සැමරූ ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ Bellagio Casino සමාගම සංවිධානය කර තිබුණු ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගීවීමට ජනප්‍රිය ඉන්දීය නිළි දිශා පතානි ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය මෙරටදී හරසරින් පිළිගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පළව තිබේ.
පොන්ඩ්ස් ෆෙමිනා මිස් ඉන්දියා 2013 තරග ජයග්‍රහණයෙන් පසු තෙළිඟු චිත්‍රපටයක් සමඟින් ප්‍රථම වරට රංගනයට පිවිසි නිළියකි.
වසර කිහිපයක් ඇතුළත ඉක්මණින් ජනප්‍රිය තලයට පැමිණි දීශා  2016 අන්තර්ජාලයෙහි වැඩිපුරම සෙවූ කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්විය.සමාජ මාධ්‍යවල අනුගාමිකයින් මිලියන 57.5 කට අධික සංඛ්‍යාවක් සිටින   ජනප්‍රිය පුද්ගලයින්ගෙන් කෙනෙකි .
2019 දී, Patani Forbes India Celebrity 's 100 ලැයිස්තුවේ වැඩිම ආදායම් ලබන නිලියක ලෙසද පෙනී සිටි අතර, ඇස්තමේන්තුගත වාර්ෂික ආදායම ඉන්දීය රුපියල් මිලියන 58 ක් විය.
විශේෂත්වය වන්නේ ඇය තවම රඟපා ඇත්තේ චිත්‍රපට 8 ක පමණක් වීමයි. කෙසේ වෙතත් 2016 දී MS Dhoni: The Untold Story හා 2015 ලෝෆ්ර් ඇයගේ කථාබහට ලක්වූ චිත්‍රපට විය.