doctor-specialist-blacklisted

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු අසාදු ලේඛනගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහජන මුදලින් පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍යත්ව ලැබ විදේශගතව නැවත සේවයට නොපැමිණි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙලෙස අසාදු ලේඛනගත කර තිබෙයි.


අසාදු ලේඛනගත වෛද්‍යවරුන්ට නැවත මෙරටට පැමිණිය හැකි වුවද වෛද්‍ය ප්‍රතිකාර ඇරමිය නොහැකි අතර ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නට සිදුවේ.

2022 ජනවාරි 09 සිට 2023 අගෝස්තු 18 දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 363 දෙනෙකු විදේශ පුහුණුව සඳහා පිටත්ව ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත් ඒ අතරින් වෛද්‍යවරුන් 120ක් නැවත වරක් සංක්‍රමණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන් 29න් 12ක් ද සංක්‍රමණය වී ඇති බවද වාර්තා වෙයි.