dog-lover-tips

කියන කථන්දර සේරම අහන් ඉන්න කෙනෙක්,පුංචි සිදුවීමකට පවා සංවේදී වෙන කෙනෙක්,දුකක් දැනුනනම ළගට වෙලා ඉන්න කෙනෙක්,උණුසුම් හාද්දකින් වැළදගන්න පුළුවන් කෙනෙක්,පාළු වෙලාවට ටිකක් එළියට යන්න විශ්වාසවන්ත කෙනෙක්..කොටින්ම ජීවිතේ මොන වෙනස්වීම් ආවාත් වෙනස් නොවෙන ආදරණීය කෙනෙක්..එහෙව් කෙනෙක් ළග ඉන්නවා කියන්නෙම ජීවිතයට ලොකු හයියක් නේද.එතකොට එහෙම අය ඉන්නවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.සමහර වෙලාවට ජීවිතේ වැඩියෙන්ම අපි විශ්වාස කළ උදවිය ඒ විශ්වාසයන් බිද දැම්මාම අපිට සමස්ථ සබධතා පද්ධතිය ගැනම ඇතිවෙන්නේ අපුලක්.ඉතින් මේ කියන්න යන්නේ ඉන් එහාට ගියපු අපූරු හිතවත්කමක් ගැන.
මේ පෙම්වතිය ගැන හෝ පෙම්වතා ගැන කථාවක් නම් නෙමෙයි.මේ කියන්න යන්නේ අපිට එදා ඉදන් සමීප අපේ ළගම හිතවතෙක් වෙන බලු සුරතලුන්  ගැන.එතකොට මොකක්ද මේ විශේෂත්වේ?බලු සුරතලුන් නම් අපි ඕන තරම් දැකලා තියෙනවනේ.

ඔව් මේ කථා කරන්න යන්නේ කාන්තාවන්ට විශේෂ උන බලු සුරතලුන් වර්ග කීපයක් ගැන .එතකොට මෙයාලා කාන්තාවන්ට විශේෂ වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට නැවත ප්‍රශ්න කරන්න  පුළුවන්.ඒ ගැටළු සේරටම පිළිතුරු මේ ලිපිය හරහා ඔබට දැනගන්න හැකිවේවි.
ඉතින් කියන්න ඕන අපේ කාන්තාවන් බලු සුරතලුන්ට දැඩි කැමැත්තක් දක්වනවා උනාට සමහර වෙලාවට මේ පුංචි තොරතුරු මග හැරිලා ඇති.ඒ නිසා පොඩිවේලාවක් අපි දැනුවත් වෙලාම වැඩේට බහිමු නේද.

මූලිකවම සදහන් කරන්න ඕන කාන්තාවන්ගේ විවිධ රුචි අරුචිකම් මත බලු සුරතලුන් විවිධ ප්‍රභේදයන්ට බෙදෙනවා .ඒවා තමන් ජීවත් වෙන පරිසරය,සමාජ තත්ත්වය,සංවේදීතාවය,අවශ්‍යතාවය කියන කරුණු එක්ක කේවල් වෙනවා..ඒ අනුව එක,එක අයගේ තෝරාගැනීම් විශම වෙනවා.මේ කොහොම උනත් අවසානයේ සමස්ථ කාන්තාවන් විශේෂයෙන් උනන්දුවක් දක්වනු ඇතැයි සැලකෙන,බලු සුරතලුන් වර්ග කිහිපයක් මේ වෙනකොට ඉදිරියෙන් ඉන්නවා.වර්ගීකරණයට අනුව නම් ඔවුන් කාන්තාවන්ගේ සිත් ඇද ගැනීමට විශේෂ හැකියාවක් ඇති අය කියලයි දැනගන්න ලැබිලා තියෙන්නෙ.ඉතින් දැන් බලමු කාන්තාවන්ට විශේෂ,කාන්තාවන්ගේ වැඩි ආදරයක් දිනාගත්ත මේ සුරතලුන් කවුරුන්ද කියල.මේකෙන් කියන්නේ නෑ අනිත් බලු සුරතලුන්ට අපේ කාන්තාවන් අකමැති බව.මේ කියන්නේ කාන්තාවන් ඇසුරේ මනා පාලනයකින් ඇති දැඩි කළ හැකි සුරතලුන් වර්ග කිහිපයක් ගැන.
ඒ අනුව ඔබ කාන්තාවක් නම් බලු සුරතලෙකු ඇතිදැඩි කරන්න කලින් අවධානය යොමු කළයුතු කරුණු කිහිපයක් පහත තියෙනවා.

ඒ තමයි...

1)ඔබගේ ශක්ති ප්‍රමාණය( Energy level)
2)ඔබට කැප කළ හැකි කාලය(time commitment)
3) ඔබජීවත් වෙන වටපිටාව ( living situation)
4)ඔබගේ සමාජ ජීවිතය(social life)
5)ඔබගේ ආර්ථික මට්ටම
6)ඔබගේ විනෝදාංශ

සුරතලෙක් හැදීමට පෙර.මේ කාරණා කිහිපය ගැන ඔබ මූලිකවම අවදානය යොමු කළයුතු වෙනවා. කෙටියෙන්ම කිවහොත් ඔබ මුලින් ඔබව අධ්‍යනය කළයුතු වෙනවා.ඒ වගේම ඔබට පුළුවන්නම් නම්‍යශීලී වෙන්න,ඉවසන්න ඔබට අවශ්‍යම බලු සුරතලාව තෝරාගන්න පුළුවන් වෙනවා.තවත් දෙයක්, ඔබ මේ කුමන ප්‍රභේදය තෝරාගත්තත් එකම වර්ගයේ අය අතරත් යම් යම් වෙනස්කම් මතුවෙන්න පුළුවන්.

මොකද ඔබගේ ක්‍රියාශීලි ගති පැවතුම් හෝ අලස ගති පැවතුම් ප්‍රබල ලෙස නිවසේ දැඩි වෙන සුරතලාට බලපානවා.,ඔබ විනෝදවීමට කාලයක් නොමැති අයෙක් නම්,කුඩා භූමි ප්‍රමාණයක ජීවත්වෙන කෙනෙක් නම් ඒ තේරීමට අනුව ඊට ගැළපෙන සුරතලෙක් ගතයුතු වෙනවා.ඒ වගේම ඔබගේ ආර්ථික මට්ටම යහපත්නම්,ඔබට අවශ්‍ය කදු නැගිමට,ත්‍රාසජනක ක්‍රියාවලට ඔබත් එක්ක යොමුවෙන්න කෙනෙක්නම්,ආරක්ශකයෙක්නම් ඊට ගැළපෙන ලෙස වර්ගයක් තෝරා ගැනීම වැදගත් වෙනවා.ඒ කුමන තෝරාගැනීම කළත් ඔබ සුරතලාව කූඩුවක දමා දවසම සිරගත කිරීමනම් කිසිසේත්ම නොකළයුතු වෙනවා.

1.)ආරක්ශකයෙක් ලෙසට බලු සු‍රතලෙක් හැදීම(Protector dogs)

කාන්තාවන් බලු සුරතලුන් තෝරාගැනීමේදී ප්‍රියතාවයක් දක්වන පළමු කාණ්ඩය මේ කාණ්ඩය වෙනවා.මේ බලු සුරතලුන්  ශරීර ප්‍රමාණයෙන් ලොකුයි,ලස්සනයි,අවංකයි,ආදරණීයයි..සහ අන් අයව පාලනය කරවා ගැනීමට උපාය මාර්ගිකයි.ඉතින් ඔබ මිත්‍රශීලී,ආර්ථික වශයෙන් ස්ථාවරයක ඉන්න,සැලකිය යුතු භූමි ප්‍රමාණයක ඉන්න, ක්‍රියාශීලී,කායික වශයෙන් ශක්තිමත් කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ ඔන්න ඔය පළමු කාණ්ඩේ සුරතලෙක්.එයාලාගේ කාණ්ඩයට අයිති වෙනවා.මේ වගේ සුරතලුන්ට හොද  පුහුණුවක් ලබාදෙන්න අවශ්‍ය වෙනවා.
*Doberman Pinscher
*Rottweilers
*pit bulls
*Boxers

2.)ආදරයෙන් ,හුරතල් කිරීමට බලු සුරතලෙක් හැදීම.
මෙයාලා ප්‍රමාණයෙන් හුගාක් පොඩියි.එයාලා හුගක්ම හදවතට සමීප,සංවේදී  අය.වැඩ ඇරිලා ආවාම ළගට අරගෙන හුරතල් කරන්න,හැගීම් වලට සංවේදී හොදම යාළුවෙක් වගේ සුරතලෙක් හොයනවනම් මෙයාලා තමයි හරියන්නේ.ඔඩොක්කුවට අරන් හුරතල් කරන්න,ආදරයෙන් වෙලෙන්න,හුරුබුහුටි අය මේ වර්ගයට අයිති වෙනවා.එයාලගේ තියෙන එකම අවාසිය බොහොමයක් සමේ රෝගයන්ට මෙයාලා ඉක්මනින් ගොදුරුවෙනවා.ඒ කාණ්ඩයට..
*king charles
*poodles
*papillons
*pomeranians

3)ක්‍රියාශීලී බලු සුරතලෙක් හැදීම
කාන්තාවක් විදියට ඔබ කැමති හුගක් ක්‍රියාශීලී බලු සුරතලෙක් හැදීමටනම් මේ කාණ්ඩයට අයිති අය තමයි තෝරගන්න ඕන. මෙයාලට හොද පුහුණු කරුවෙක් අවශ්‍ය වෙනවා.මෙයාලගේ ක්‍රියාශීලී ගතිය පවත්වාගෙන යන්න දිනපතා පුහුණුවීම් දෙන්න ඕන වෙනවා.ළමයෙක් වගේ හොදට කාලය කැප කරලා එයාලා වෙනුවෙන් රැදෙන්න පුළුවන්නම් මේ වර්ගයේ තේරීමක් නරක නැහැ.මෙයාලා හරිම බුද්ධිමත් සහ මිත්‍රශීලි අය වෙනවා.
*Australian Shepherd
*Labrador Retriever. ...
*Golden Retriever. ...
*German Shepherd. ...
*Russell Terrier. ...
*Pembroke Welsh Corgi. ...
*Beagle. ...
*Border Collie.
*husky

4)මිලෙන් අඩු,පාලනය පහසු බලු සුරතලුන්
මෙයාලා ශරීරයෙන් ටිකක් ලොකුයි.නමුත් පොඩි ඉඩකට ඔවුන් හොදින් ගැළපෙනවා.එයාලා හදාගැනීම පහසුයි.එයාලා එච්චර ක්‍රියාශීලී නැති නිසා පැත්තකට වෙලා ඉන්න කට්ටියක්.ඒ නිසාම එයාලගෙ ආයු කාලය එච්චර දීර්ඝ නැහැ.නමුත් මොවුන් ලොකු වියදමක් නැතිව ඔබට පාලනය කරගත හැකි මිත්‍රශීලී සුරතලුන් වෙනවා.මෙයාලගේ සෞඛ්‍ය තත්ත්වය නිතර බැලිය යුතු වෙනවා.ම

ේ කාණ්ඩයට..
*Great Dane
*bullmastiff
*Dachshund. ...
*Shiba Inu. ...
*Basset Hound. ...
*French Bulldo..

5)ආකර්ශණීයව අදින්න පළදින්න කැමති කාන්තාවන්ට
මෙයාලා හරිම ලස්සන දිග ලොම් හිමි කට්ටියක්.එයාලාට බරපතල පුහුණුවීම් අවශ්‍ය නෑ.විශේෂයෙන් එයාලා පවුලට බද්ධ උන,අසල්වැසියෝ එක්ක ඇවිදින්න කැමති,විනෝදයට බර කට්ටිය.ඒ වගේම මෙයාලට දිග පාද තියෙනවා.ඒ නිසා දිවි බේරාගැනීම වැනි හැකියාවක් නිතැතින් තියෙනවා.
*Saluki
*greyhound
*afghan greyhound

ඉතින්  කාන්තාවන්ගේ විවිධ ජීවන තත්ත්වයන් අනුව ගැළපෙන සුරතලාව තෝරාගන්න හොදට හිතන්න වෙනවා.තව දෙයක් අපි හැමෝම එක වගේ නෑ.අපි අපේ පෞද්ගලික ලක්ෂණයන්ට ගැළපෙන,නඩත්තු කළ හැකි කෙනෙක් තමා තෝරගන්න ඕන.මතක තියාගන්න ඕන.. කලින් කිව්වා වගේ සෑම බලු සුරතලෙක්ම එකම වර්ගයක උනත් එකිනෙකාට වෙනස්කම් තියෙන්න පුළුවන් නිසා මුලින්ම සුරතලාගේ වටපිටාව සොයා බැලිය යුතු වෙනවා.
ඒ වගේම තමා ගතකරන සමාජ ජීවිතය සහ සුරතලා වෙනුවෙන් කැපවිය හැකි ප්‍රමාණය අවබෝධ කොටගෙන සුරතලෙක් හැදිය යුතු වෙනවා.
-සුබෝධා විජයකුමාර