drinking-water-issue

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 19ක පවුල් 84,646කට අයත් 2,91,720 දෛනකු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දැඩි නියගය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැඩිම බලපැමක් සිදුව ඇති අතර උතුරු පළාතේ පවුල් 23,688කට අයත් පුද්ගලයන් 75,607 දෙනකු ද නැගෙනහිර පළාතේ පවුල් 18,991කට අයත් පුද්ගලයන් 63,265 දෙනකු ද බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.



දැඩි නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 22,044කට අයත් 70,408 දෙනකු ද මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952කට අයත් 3244 දෙනකු ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 242කට අයත් 835 දෙනකු ද, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450කට අයත් 1120 දෙනකු ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 12336කට අයත් 49697 දෙනකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1369කට අයත් 5399 දෙනකු ද පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය කියයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2360කට අයත් 7866 දෙනකු ද, මඩකළපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892කට අයත් 29508 දෙනකු ද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739කට අයත් 25891 දෙනකු ද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 953කට අයත් 2924 දෙනකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 6190කට අයත් 20610 දෙනකු ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.




බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1384කට අයත් පුද්ගලයන් 5411ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 4869කට අයත් 14641 දෙනකු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 3867කට අයත් 17372 දෙනකු ද, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1267කට අයත් 3949 දෙනකු ද මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6367කට අයත් 21930 දෙනකු ද මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 3330කට අයත් 10765 දෙනකු ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් 150 දෙනකු ද පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ප්‍රදේශවලට බවුසර්ර්රථ වලින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද එම මධ්‍යස්ථානය කියයි.

නිමල කොඩිතුවක්කු