අඟහරුවාදා (29) අලුයම ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත් වලට උතුරින් මුහුදේ ගැඹුරට රික්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) ප්‍රකාශ කළේය. නිවැසියන් ගොඩනැගිලිවලින් පිටතට දිව ගිය බවට වාර්තා පළව තිබේ.
බාලි හි Mercure Kuta Bali හි අමුත්තන් තත්පර කිහිපයක කම්පනය දැනීමෙන් පසු ඔවුන්ගේ කාමරවලින් පිටතට දිව ගිය බව හෝටල් කළමණාකරු දුරකථනයෙන් රොයිටර් වෙත පැවසීය.
"අමුත්තන් කිහිප දෙනෙක් ඔවුන්ගේ කාමරවලින් පිටව ගිය නමුත් තවමත් හෝටල් ප්‍රදේශයේ සිටියහ"
ඔහු පැවසුවේ, ඔවුන් ආපසු පැමිණ ඇති අතර ගොඩනැගිල්ලට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි.
ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය BNPB ප්‍රකාශ කළේ හානිය පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවය.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් (සැතපුම් 126ක්) උතුරින් වූ අතර පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 516ක් පහළින් ඉතා ගැඹුරින් බව EMSC පවසයි.
ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ආයතන විසින් සුනාමි තර්ජනයකින් තොරව රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වය සටහන් කර ඇත.
ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සියට අනුව, භූමිකම්පාව බාලි සහ ලොම්බොක් හි වෙරළබඩ ප්‍රදේශ හරහා අලුයම 4 ට (2000 GMT) පෙර දැනී ඇති අතර ඉන් පසුව රික්ටර් පරිමාණයේ 6.1 සහ 6.5 ක භූමිකම්පා දෙකක් ඇති විය.
මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් ඇතිවිය නොහැකි බවට වාර්තා පළ කර තිබේ.
0 Comments