hambantota-issue

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව වුවද හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම 30කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (14) සිදුකළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පැවසීය.

හම්බන්තොට මහ රෝහලේ දැනට සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ එම ශල්‍යකර්ම සිදුකළ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා  සඳහන් කළේය. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු  නොමැති වුව ද ඊයේ එම ශල්‍යකර්ම 30ට අමතරව සිසේරියන් සැත්කම් 11ක් ද කළ බව  ඔහු කීය.



හම්බන්තොට මහ රෝහල හැකි ඉක්මනින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඉකුත්දා නොදන්වාම විදේශගත වී තිබිණි.
 සනත් ගමගේ