හවායි දූපතේ Maui හි ඓතිහාසික නගරයක් වන ලහයිනා, සුළි සුළඟින් ඇවිළෙන ලැව්ගිනි නිසා විනාශ වී ඇත.
ප්‍රාන්තයේ එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු වන බ්‍රයන් ෂාට්ස් සමාජ මාධ්‍යවල ප්‍රකාශ කළේ ලහයිනා “මුළුමනින්ම පාහේ දැවී ගොස් ඇති” බවයි.

Maui ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුවත් මිය ගිය බව බලධාරීහු බදාදා ප්‍රකාශ කළහ.

Maui ගේ ඇති රෝහල් පද්ධතිය පිළිස්සුම් රෝගීන්ගෙන් සහ දුම් ආශ්වාසයෙන් පීඩා විඳින පුද්ගලයන්ගෙන් පිරී ගොස් ඇත.

"ගිනි නිවන භටයින් තවමත් ගින්න පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින අතර අපගේ ගලවා ගැනීමේ කණ්ඩායම් සෙවුම් සහ ගලවා ගැනීමේ කාර්යයේ යෙදී සිටියි," ෂාට්ස් මහතා පැවසීය.



වේගයෙන් පැතිරෙන ගින්නෙන් බේරීම සඳහා ඇතැමුන් සාගරයට පැන ඇති බවට බදාදා උදෑසන වාර්තා විය. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසුවේ පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් ජලයෙන් බේරා ගත් බවයි.

Maui ප්‍රාන්තයේ නගරාධිපති Richard Bissen Jr ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ බොහෝ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවයි.

12,000ක් පමණ ජනගහනයක් සිටින නගරයක් වන මෙම නගරයේ එක් වැසියෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ නගර වරායේ සෑම බෝට්ටුවක්ම ගිනිගෙන ඇති බවයි.

Chrissy Lovitt, Hawaii News Now වෙත පැවසුවේ
 "එය යුධ චිත්‍රපටයක ජවනිකාවකට සමාන වූ බවයි,"

Maui හි සිදු වූ හානියේ සැබෑ ප්‍රමාණය නිශ්චය කිරීම තවමත් දුෂ්කර බව නිලධාරීන් පැවසූ අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. පුද්ගලයන් 2,100ක් පමණ අවතැන්ව සිටිති.

ලහයිනා ප්‍රදේශයේ වෙසෙන ඇතැම් පුද්ගලයන් පැවසුවේ අතුරුදන් වූ පවුලේ සාමාජිකයන් පිළිබඳව තමත් නිශ්චිත තොරතුරක් නොමැති බවයි.

"මගේ කුඩා සහෝදරයා හා පියා කොහේදැයි මම තවමත් නොදනිමි," ලෙස  ටියාර් ලෝරන්ස් , Hawaii News Now වෙත පැවසීය.

ලෝරන්ස් මහත්මිය පැවසුවේ,  "ලහයිනා හි ඇය දන්නා සෑම කෙනෙකුගේම නිවෙස් ගිනිබත් වී ඇති බවයි."

ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් විදුලිය හා ජංගම දුරකථන සේවා නොමැතිව රැඳී සිටින අතර බටහිර මවුයි හි හදිසි ඇමතුම් සේවාවක් වන '911'  බදාදා දිනයේදී අක්‍රිය විය.

Maui හි විශාල ලැව්ගිනි තුනක් සක්‍රීයව පවතින අතර එය පාලනය කළ නොහැකි බව නිලධාරීහු පැවසූහ.

Maui ට යාබද දූපතක් වන Hawaii island ලෙසද හැඳින්වෙන Big Island හි ද , ලැව්ගිනි කිහිපයක් ඇතිවෙමින් පවතී.

අඩු ආර්ද්‍රතා මට්ටම් සමඟ පැයට සැතපුම් 60 (97k/h) ට වඩා වැඩි වේගයක් ගෙන ආ ඩෝරා සුළි කුණාටුවෙන් ගිනිදැල් ඇති වූ බව ජාතික කාලගුණ සේවය පැවසුවේය.

ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හවායි ගිනිදැල් සමඟ සටන් කරන අතර ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දිගටම කරගෙන යන බවත්, ෆෙඩරල් රජය හවායි වෙත ආධාර යවා ඇති බවත්ය.



Maui හි සංචාරකයින් ඉවත් කිරීමට ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත්, සංචාරකයින් 4,000 ක් පමණ දිවයිනෙන් පිටවීමට උත්සාහ කරන බවත් රාජ්‍ය ප්‍රවාහන නිලධාරි Ed Sniffen පැවසීය.

හදිසි ප්‍රවාහනය හැර නගරයට ඇතුළු වන මාර්ග වසා ඇති බැවින්  ලහයිනා වෙතින් ඈත්ව සිටින ලෙස Maui ප්‍රාන්ත බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා ඇත.

හවායි හි ලුතිනන් ආණ්ඩුකාර සිල්වියා ලූක් පැවසුවේ “මෙය දැන් ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි."

ලහයිනා යනු මවුයි හි බටහිර කෙළවරේ පිහිටි ඓතිහාසික නගරයකි. එහි ඉතිහාසය 1700 ගණන් දක්වා දිවෙන අතර එය ඓතිහාසික ස්ථාන පිළිබඳ එක්සත් ජනපද ජාතික ලේඛනයේ ද ඇතුලත් කර ඇත.