horana-incident

“මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ, මම මැරෙනවා යැයි සිය පෙම්වතියට දුරකථනයෙන් අමතා පැවසූ පාසල් වියේ පසුවන 17 හැවිරිදි තරුණයාගේ සිරුර පැය  කීපයකට පසු බඳ පටියකින් එල්ලෙමින් තිබිය දී හමුවූ බව  හොරණ මූලස්ථාන පොලිසිය  කියයි. මෙලෙස මියගොස් තිබුණේ බටුවිට උතුර නිවසක තාවකාලිකව පදිංචිව සිටී හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි දිනෙත් තශ්මික දෙව් ශ්‍රී වික්‍රමසිංහ යන තරුණයා ගෙනි. සෙවනගල ප්‍රදේශයේ ස්ථිර පදිංචි මියගිය තරුණයා මීට මාස හතරකට පමණ ඉහත දී මවගේ හොඳම මිතුරියගේ නිවසේ නවාතැන් ගෙන මාස එකහමාරක පමණ පමණ කාලයක සිට බුලත්සිංහල ප්‍රදේශයේ පාඨමාලාවක් හැදෑරීම සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි.



සුපුරුදු ලෙස පාඨමාලාව සඳහා පසුගිය 8 වැනිදා ගොස් නිවසට පැමිණ තිබූ තරුණයා එදින රාත්‍රී නින්දට ගොස්  තිබූ අතර පසුදින එම නිවසේ  හිමිකාරියගේ සහෝදරිය සුපුරුදු ලෙස තරුණයා අවදි කිරීම සඳහා කාමරයට යාමේදී තරුණයාගේ සිරුර බඳ පටියකින් එල්ලෙමින් තිබෙනු දැක පොලිසිය දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම නිවස කරා ගිය පොලිස් නිලධාරීන්ට තරුණයාගේ සිරුර නිවසේ කාමරයේ ඇඳ අසල තිබෙන ජනේලයේ යකඩ රාමුවේ බඳපටියක එක් කෙළවරක් ගැටගසා

එහි ගාංචුව තිබෙන අනෙක් කෙළවර ගෙල වටා තදවී යන ආකාරයෙන් දමා සිරුර ඒ අසල එල්ලෙමින් තිබෙනු පොලිස් විමර්ශනවල දී විමර්ශනවල දී දැකගත හැකි වී  ඇත.

මියගිය තරුණයා පෙර දින රාත්‍රියේ දී 17 හැවිරිදි පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන කතාබස් කරමින් සිටින අවස්ථාවේදී “ මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ මම මැරෙනවා" යැයි පැවසී යැයි එම තරුණියන්ගෙන් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ