ලෝකයේ අධික ඉල්ලුමක් ඇති උපාංගයක් ලෙස ප්‍රකටව පවතින ඇමරිකානු ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් මොඩලය ‘අයිෆෝන් 15‘ ලබන සැප්තැම්බර් මාසයේ එළිදක්වන බවට තාක්ෂණ වෙබ් අඩවි රහසිගත ඉඟි පළ කරතිබෙන අතර මේ දක්වා එළිදුටු ජංගම දුරකථන මාදිලි වලට වඩා එහි ප්‍රධාන වෙනස්කම වනු ඇත්තේ ඉතා ඉක්මණින් ආරෝපණය (චාර්ජ්) කිරීමේ හැකියාව වනු ඇති බවට ආරංචි පළව තිබේ.


මෙම තොරතුරු අනාවරණය වන්නේ ඊයේ (20) CNN තාක්ෂණික වෙබ් පිටුවේ පළවූ ලිපියකිනි.

 ලබන මාසයේ Apple හි නිෂ්පාදන එළිදැක්වීම නව iPhone 15 නිසැකවම එළිදකින බවත් කටකතා පවසන්නේ එයට වේගවත් ආරෝපණයක් ඇතුළත් විය හැකි බවත් යයි   CNN වාර්තාවේ දැක්වේ.



Apple කටකතා පිළිබඳ ස්ථිර වාර්තාවක් සහිත තාක්ෂණික බ්ලොග් අඩවියක් වන 9to5Mac උපුටමින් මෙම පුවත පළ කර තිබේ.
 මීළඟ iPhone 15 ආරෝපණ පෝර්ට් එක ‘ලයිට්නින්‘ නොව ‘යූඑස්බී-සී‘ එකක් වනු ඇතැයිද එහි දැක්වේ.
මේ දක්වා එළිදැක්වූ මාදිලි වොට් 27 කට වඩා අවම චාර්ජරයකට සම්බන්ධ කරන ලෙසත් එසේ නොවීම බැටරියට අහිතකර බවටත් අනතුරු හැගවීම් කර තිබූ නමුත්
iPhone 15 වොට් 35 චාජරයක් සමඟ සම්බන්ධ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තාවල දැක්වේ.