johnston-fernando

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉරිදා (27) ජාතික පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මැතිවරණ නොපැවැත්වීම ගැන මෙබඳු අදහසක් පළ කර තිබේ. ලංකාදීප පුවත්පතට ඔහු මෙසේ කියා තිබේ.

ප්‍රශ්නය -මැතිවරණ කල් දාලා මැතිවරණ සිතියම අකුළලා යන ගමන පුජාතන්ත්‍ර විරෝධියි නේද?

පිළිතුර- ප්‍රජාතන්ත්‍රවාදී විදියට නොවෙයිනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පන්නලා දැම්මේ. ඉතින් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වෙච්ච ජනාධිපතිවරයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස එළෙව්වට පස්සේ මං හිතන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් තියෙන්වා කියලා.



මේක තමයි ජනතාව බලාපොරොත්තු වුනේ. ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ජනතාව බලාපොරොත්තු වුණේ නීතිය අතට අරගෙන කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී විදියට කිසි දෙයක් වුණේ නැහැනේ.

දැන් ඡන්දය ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියලා හොටු පෙරාගෙන අඬලා වැඩක් නෑ ජනතාව නේ පාරට බැහැලා අරගල කළේ. ප්‍රජාතන්ත්‍රවාදය එපා කියලනේ කිව්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාරේ ඇදගෙන ගිහින් ගහල මරලා දැම්මේ. දැන් කියනවානම් ඡන්ද ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියලා



එහෙම නම් එදත් එහෙම හිතන්න තිබුණා ඡන්දය තියන්න බෑ කියද්දී කොවිඩ් එක වෙලාවේ අපි ඡන්දය තිබ්බා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනෑ. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය. ඉතින් මේවා ජනතාව ඉල්ලපු දේවල් දැන් අඩලා වැඩක් නෑ.