kaduwela-incident

කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්දහේන පදිංචිව සිටි පවුල් පිරිස්ලාගේ දොන් පසිඳු චාමර මධුශංක 29 නමැත්තකු බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා හරියටම මීට වසරකට පමණ පෙර දී ඝාතනයට ලක් වූ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ සමීපතමයකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය. මළ සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකතන දෙකක් මෙන්ම රතුපාටට හුරු කැප් තොප්පියක් පොලිසිය මඟින් සොයා ගැනිණි.
බිමල් ශ්‍යාමන්  ජයසිංහ