කලවංචිකුඩි, කල්ආර් පොලිස් මාර්ග බාධකයේ දීපොලිස් අණ නොතකා පෙරේදා (27) ධාවනය කළ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා ගැනීමට එහි එල්ලුණු බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇදගෙන රථය නොනවත්වා ධාවනය කරගෙන ගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි.මද දුරක් ධාවනය කරගෙන ගිය මෝටර් රථය පසුව නතර කර ඇති අතර පසුව එහි රියැදුරා සහ වාහනය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු විසින් පදවාගෙන යනු ලැබූ කාර් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.තමන්ගේ ජීවිතය ගැන නොතකා පලා යමින් සිටි කාර් රථයේ එල්ලී එම රථය නතර කරගෙන ඇත්තේ මඩකලපුව, කලවංචිකුඩි පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටින දේවන් දේවරාසන් (90890) මහතා විසිනි.
කාර් රථයේ ඇදීගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර රියදුරා ද තමන්ගේ අත්වල වේදනාවක් ඇති බවට ප්‍රකාශ කිරීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කරනු ලැබීය.පොලිස් ආරක්ෂාව යටතේ ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ.සැකකාර රියැදුරා ඔහු විසින් පදවාගෙන එනු ලැබූ කාර් රථය පොලිස් මාර්ග බාධකය අසල පොලිස් නියෝග අනුව නතර කර ඇත. කාර් රථය පැදවීමට තමන්ට රියැදුරු බලපත්‍රයක් නොමැති බව පවසා එක්වරම කාර් රථය පණ ගන්වාගෙන ධාවනය කරගෙන පලා යෑමට උත්සහ කළ බව කියන අවස්ථාවේ කොස්තාපල්වරයා කාර් රථයේ වයිෆරේ එල්ලී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කලවංචිකුඩි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය
0 Comments