
මහනුවර ඇසළ මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ (22දා) රාත්‍රියේ වීථි සංචාරය කරන අතරතුර අලි දෙදෙනෙකු කුලප්පු වීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර
ඇත්ගොව්වෙකු සුළු තුවාල ලබා තිබේ. පෙරහර වීථි සංචාරය කරන අතරතුරු රැජින හෝටල අසලදී අලින් දෙදෙනෙකු කුලප්පු වී තවත් අලියෙකුට ප්‍රහාර එල්ල කිරීමෙන් මෙම සිද්ධිය සිදුව තිබේ. සිද්ධියෙන් පසු පෙරහැර නැරඹීමට පැමිණි පිරිස කලබලයට පත්ව ඒ මේ අත දිව යෑම නිසා කාත්තාව තුවාල ලබා තිබේ. තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කොට ඇත. සිද්ධියත් සමග මහනුවර වැවට වැටුණු තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval