kandy-road-bus-accident

කොළඹ – නුවර මාර්ගයේ, දංඕවිට – කඹුරුදෙනිය ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13න් දෙනෙකු තුවාල ලබා තිබෙන අතර හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තාවේ.

එකම දිශාවට ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මගියෙකු බැස්සවීම සඳහා නතර කළ අවස්ථාවේ දී පිටුපසින් පැමිණි බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
පිටුපසින් පැමිණ අනතුර සිදු කළ බස් රථය වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකි.
පිටුපසින් පැමිණි බස් රථයේ රියදුරු ඇතුළු බස් රථ දෙකෙහිම මගීන් තුවාල ලැබූ පිරිස අතර සිටී.
අනතුරෙන් තුවාල ලැබූ මවක් ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට අයත් අතර, ඇයගේ මාස එක හමාරක පමණ කුඩා දරුවෙකු ද එම කාන්තාව සමග රෝහල්ගතව සිටින නවමුත් දරුවාට අනතුරක් නැත.
අනතුර සිදු කළ පිටුපසින් පැමිණි වව්නියාව – කොළඹ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.