katunayake-egate

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (17දා) සහභාගි විය. එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරීක්ෂණය කළ ටිරාන් අලස් මහතා, ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳ සාකච්ඡා කළේය.



එමෙන්ම නව e-gate කවුන්ටර පිහිටුවීම සම්බන්ධවද මෙහිදී ටිරාන් අලස් මහතාගේ අවධානයට යොමු විය.
ඒ අනුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට passport කියවා කඩිනමින් සේවා ගණනාවක් නිමකරන්නට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇති අතර මගීන්ට කවුන්ටර පෝලිම් රස්තියාදුවකින් තොරව ඉක්මණින් ගුවන් තොටුපළ කාර්ය පටිපාටිය නිමකිරීමට අවස්ථාව සැලසේ.

තවද නව ආරක්ෂක කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමටද මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙම කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.



ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සභා ගුවන්තොටුපළ නිලධාහු පිරිසක් මෙම අවස්ථාවට සහාභාගි වූහ.