kurunegala-incident

කුරු­ණෑ­ගල නග­රයේ ප්‍රසිද්ධ පාස­ලක ශිෂ්‍ය භට කණ්ඩා­යමේ සහ රගර් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් අතර ඇති වූ ගැටු­මක් බේරුම් කිරී­මට ගිය ශිෂ්‍ය භට කණ්ඩා­යම් පුහු­ණු­ක­රුගේ පහර දීම­කින් තුවාල ලැබුවේ යැයි කියන සිසු­වකු රෝහ­ල්ගත කර ඇති බව කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහල් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි.

සිද්ධි­යෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ රගර් කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු බවද කියති.

එසේ තුවාල ලැබුවේ යැයි කියන ශිෂ්‍යයා මේ වන විට කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ සාමාන්‍ය වාට්ටු­වක ප්‍රති­කාර ලබ­මින් සිටින බව මේ පිළි­බ­ඳව කළ විම­සු­ම­කට පිළි­තුරු දෙමින් රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැව­සීය.

එම සිද්ධිය මුල් කර­ගෙන, පහ­ර­ක­කෑ­මට ලක්වූ රගර් කණ්ඩා­යම් සමා­ජි­ක­යාගේ පියා විසින් අදාළ ශිෂ්‍ය භට කණ්ඩා­යම් පුහු­ණු­ක­රුට පාසල තුළදී පහ­ර­දී­මක්ද සිදු­කර ඇති බව වාර්තා වන අතර එසේ පහර දුන් පුද්ග­ලයා මේ වන විට ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් ඇතැයි සිද්ධිය පිළි­බ­ඳව පරී­ක්ෂණ පව­ත්වන කුරු­ණැ­ගල මූල­ස්ථාන පොලි­සිය කියයි.

ඉකුත් 4 දා පාසල් ක්‍රීඩාං­ග­ණය තුළ විදු­හලේ ශිෂ්‍ය භට කණ්ඩා­යමේ සහ රගර් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් දෙපි­රිස පුහු­ණු­වීම් කට­යුතු සිදු කර­මින් සිට ඇත. එම පුහු­ණු­වීම් කට­යුතු අත­ර­තුර දී රගර් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යෙකු විසින් එල්ල කරන ලද පන්දු­වක් ශිෂ්‍ය භට කණ්ඩා­යම් ක්‍රීඩ­ක­යෙ­කුගේ ඇඟේ වැදීම නිසා දෙපි­රිස අතර කල­හ­යක් හට­ගෙන ඇතැයි වාර්තා වේ. කල­හය සම­ථ­ය­කට පත් කිරී­මට එම ස්ථාන­යට පැමිණි ශිෂ්‍ය භට කණ්ඩා­යම් පුහු­ණු­කාර මේජ­ර්ව­රයා විසින් කල­හ­යට සම්බන්ධ යැයි පැව­සෙන රගර් කණ්ඩා­යම් ක්‍රීඩ­ක­ය­කුට දොස් පවරා ඇති අතර ඉන් කිපුණු එම ශිෂ්‍ය අදාළ මේජ­ර්ව­ර­යාට පරුෂ වචන බැණ­වැදී ඇතැයි කියති.



ඉන් අන­තු­රුව මේජ­ර්ව­රයා එම ශිෂ්‍ය­යාට පහර දී ඇති බවත් වාර්තා වේ. සිද්ධිය වන අව­ස්ථාවේ පහර කෑමට ලක් වූ ශිෂ්‍ය­යාගේ පියාද පාසලේ ක්‍රීඩා සංග­මයේ කිසි­යම් කට­යු­ත්තක් සඳහා පාස­ලට පැමිණ සිට ඇති අතර, එහිදී ඔහුද මේ ගැටු­මට මැදි වී අදාළ මේජ­ර්ව­ර­යාට පහර දී ඇති බවත් කිය­වෙයි. මේ පිළි­බ­ඳව මේ වන විටත් කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ලැබී ඇති අතර, සිද්ධිය පිළි­බඳ විම­ර්ශන කට­යුතු ආරම්භ කර ඇති බව කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලි­සිය පැව­සීය.
කුරු­ණෑ­ගල - සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය