කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් සිඳී ගිය කිරිඳිවැල්ගාල, දොරාදත්ත වැවේ මසුන් ඇල්ලීමට ගිය ප්‍රදේශයේ තරුණයන් 11 දෙනකු හදිසි උණ රෝගයකට ලක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහන් කරයි.
කිරිඳිවැල්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටි අමිල අජන්ත කුමාර සහ ජීවන් චතුරංග නමැති තරුණයන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇත. ම
ේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් දිය සිඳී ගිය දොරාදත්ත වැවේ ජලය එක්රැස්ව තිබෙන දියකඩක සිටින මසුන් ඇල්ලීමට තරුණයන් පිරිසක් පසුගිය සතියේ එහි ගොස් ඇත. ඉන් දින කීපයකට පසුව එසේ ගිය පිරිසෙන් එකොළොස් දෙනකු පමණ උණ රෝගයකට ලක්ව හිරිපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්වයට පත්වූ කිහිප දෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර
එහි සිට මෙම තරුණයන් දෙදෙනා පසුගිය 9 වැනිදා මරණයට පත්ව ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. මියගිය තරුණයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පවත්වන ලද අතර අධිකරණ වෛද්‍යවරුන් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී ඇත.
මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය කර ගැනීම සඳහා මියගිය තරුණයන්ගේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පිහිටි රජයේ වෛද්‍ය රසායනාගාරයට යවා ඇති බවද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය. රෝගීවූ පිරිසට වැළඳී ඇති රෝග තත්වය මී උණ යැයි සැක කලද ඊට සම්බන්ධ රෝග තත්වය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ වලින් නිශ්චිතව අනාවරණය කරගත හැකි බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. අතර එම වැවේ ඉතිරිව සිටින මසුන්ද
මේ වන විට මියයමින් සිටින බැවින් එම මසුන් ආහාරයට නොගන්නැයි සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ අවදානම් තත්වය පිළිබඳව සොයා බැලීමට හෝ පවතින අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කිසිදු සෞඛ්‍ය බලධාරියකු මෙතෙක් නොපැමිණි බවය. එම චෝදනා ප්‍රතික්ෂේප කරන වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාන්ති වේහැල්ල මහත්මිය කියා සිටියේ ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ජනතාව දැනුවත් කරමින් සිටින බවය. මී උණ රෝගය ගත්ත ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල්ගතව ඇති අතර ඉන් අසාධ්‍ය තත්වයට පත් දෙදෙනකු මියගොස් ඇති බවද ලේකම්වරිය පැවසුවාය.
මෙම වැවට නෑමට හෝ ධීවර කටයුතු සඳහා නොයන ලෙස ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර මී උණ සඳහා ගම්වාසීන්ට ඖෂධ ලබාදී ඇති බවද වැල්ලව සෞඛ්‍ය සේවා කාර්යාල නියෝජිතයෙක් පැවැසීය. මෙම දෙදෙනාගේම මෘත දේහ මකුල්වැව පොදු සුසාන භූමියේදී 11 දා මිහිදන් කෙරිණි.
පුෂ්පකුමාර ජයරත්න හා මහව සංජීවනී ආරියරත්න
0 Comments