legal-actions-against-umara

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කමිටුව විසින් ඇය ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බවත් චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය බවත්  තීරණය කර තිබේ.
ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එමවාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව විසින් මෙම නිර්දේශ ලබා දී ඇත.



මෙම කමිටුව විසින් උමාරා සිංහවංශ ගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය වැරදි වචන භාවිතයෙන් උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බව විමර්ශකයන් වාර්තා කර තිබේ.