louvre-college-protest

පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි louvre college ජාත්‍යන්තර පාසලේ පාලනාධිකාරිය සිසුත් ඇතුළත් කිරිමේදී මාපියත් සමග ඇතිකරගත් ගිවිසුම් උල්ලංඝනය කරමින් සැප්තැම්බර් මාසයේ සිට අය කෙරන පරිදි 31% කට ආසන්න උපරිම මුදලකින් මාසික ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ මවුපියෝ එම පාසල ඉදිරිපිට ඊයේ (31දා) නිහඬ විරෝධතාවක නිරත වූහ.
වාරිකව අය කළ රුපියල් 46,400ක මුදල 61,000 දක්වා විවිධ ගණන් යටතේ වැඩි කර ඇති බැවින් ඇතැම් නිවෙස්වල සිසුන් දෙදෙනෙකු අධ්‍යාපනය ලබන්නේ නම් මේ මුදල දෙගුණ වන අතර සිසුන් තිදෙනෙකු අධ්‍යාපනය ලැබෙන්නේ නම් මෙම මුදල තෙගුණ වන බවත් එසේ වීමෙන් පවතින ආර්ථික තත්ත්වය‍ යටතේ අයකරන මුදල අසාධාරණ බවත් ඔවුහු පවසා සිටියහ.


රජයට 2.5%ක බද්දක් ගෙවීමට සිදුවන නිසා මෙම මුදල වැඩි කළ බව පාලනාධිකාරිය පවසා සිටියත් ගිවිසුම් උල්ලංඝනය කරමින් ගාස්තු වැඩි කළැයි දෙමාපියෝ  පවසති.
මාපියන් පවසන්නේ තම දරුවන් අස්කර නොගන්නා බවත් මෙසේ වැඩි කළ අසාධාරණ මුදල නොගෙවන බවත්ය.

මේ සම්බන්ධයෙන් පාලනාධිකාරියට පැවසූ විට ඔවුන් පවසා සිටින්නේ මුදල් ගෙවීමට නොහැකි නම් තම දරුවන් ඉවත්කරගන්නා ලෙසය.
විරෝධතාකරුවන් බොරැල්ල කොට්ටාව 174 බස් මාර්ගයේ දෙපානම මංසන්ධිය ඉදිරිපිට පිහිටි  louvre college ඉදිරිපිට මාර්ගයේ පැය දෙකක පමණ කාලයක් මෙම නිහඬ විරෝධතාවේ නිරත වූහ.