රැයක් ගත කිරීම සදහා ඇමෙරිකා ඩොලර් 50,000ක (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ) මුදලක් වැය වන ලොව ප්‍රථම දිය යට හෝටලයේ කාමරයක රැයක් ගත කිරීමට හෝටලයෙන් ලැබුණු ආරාධනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ඉන්දියාවේ මහේන්ද්‍රා ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද් මහින්දා ප්‍රකාශ කළේය.
දියයට හෝටල් කාමරයක රැයක් නවාතැන් ගතහොත් නිසැකවම එම කාමරයේ වීදුරුවල කඩතොලු තිබේදැයි පරික්ෂා කරමින් තමන් මුළු රැයම ගත කරනු ඇති බවත් විනාඩි 5ක සුවපහසු නින්දක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් තමාට ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් හෝටලය පිළිබඳ වීඩියෝවක් පසුගිය 12 වැනිදා සිය එක්ස් ගිණුමේ (ට්විටර්) පළ කරමින් මහින්ද්‍රා පෙන්වා දී ඇත.මුහුදු මට්ටමේ සිට අඩි 16 ක් පහළින් කාමර නිර්මාණය කර තිබෙන, ලොව ප්‍රථම දිය යට කාමර සහිත හෝටලය වන මාලදිවයිනේ මුරාකා 2018 වසරේ ඉදිකර ඇත. මුරාකා හෝටලයේ දියයට හෝටල් කාමරයක විවේකීව සති අන්තයක් ගත කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස හැඳින්විය හැකි නමුත් තමාට හෝටල් කාමරයක රැයක් ගත කිරීම ඉතාමත් අවිවේකී වනු ඇතැයි ඔහු පවසා ඇත.
විමුක්ති එස්. රුද්‍රිගු
0 Comments