moragahahena-incident

පියාගේ කරදර ඉවසනු බැරිව පොල්ලකින් පහර දී පියාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ එකම පුතු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය සදහන් කරයි. පහර දීමට යොදා ගැනුණ පොල්ලක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර

කුඩාඋඩුව අඩවිය මල් බෙරි වත්ත ප්‍රදේශයේ පදිංචි 62 එක්දරු පියා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.බරපතළ තුවාල ලද එක්දරු පියා තදින් මත්කුඩු පානයට ඇබ්බැහි ව සිටින්නකු වන අතර ඔහුගේ කරදර ඉවසනු බැරිව සැකකාර පුතු දින විසි දෙකක පමණ කාලයක් නිවසින් පිටවී පෙරේදා (23වැනිදා) රාත්‍රි නිවසට පැමිණ තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.



සුපුරුදු ලෙස ඊයේ (24) අලුයම තුවාල ලද පුද්ගලයා සැකකාර පුතු සමඟ බහින්බස් වී ඇති අතර එහිදී පුතු පොල්ලක් රැගෙන පහරදීමෙන් පියාගේ අත් සහ පාද කැඩී බරපතළ තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි. බරපතළ තුවාල ලද පුද්ගලයා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල කරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පිටත් කර හැරීමට කටයුතු කිරීමට සලසන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමාරච්චි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ