more-than-50-killed-fire-south-africas-johannesburg

දකුණු අප්‍රිකාවේ විශාලතම නගරය වන ජොහැන්නස්බර්ග්හි  ජනතාව පදිංචිව සිටි බහු මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ළමුන් හත් දෙනෙකුද මියගිය පිරිසට ඇතුළත්ය. මරණ තවත් ඉහළ යා හැකි බව වාර්තාවේ.
ගින්න ඇතිව තිබෙන්නේ එරට වේලාවෙන් පාන්දර 1.30 ට පමණය.ගින්නෙන් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති අතර රෝහල්ගතවූ අයගේ මරණ සංඛ්‍යාව මෙන්ම තවම ළඟා නොවූ මහල්වල සිරුරු ගණන අනුව මරණ තවත් ඉහළ යාහැකි බව බලධාරීන් පවසා තිබේ.
ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් ඉවත් කර ඇති අතර හදිසි සේවා ප්‍රකාශකයෙකු පැවසුවේ සෝදිසි කිරීම් මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.


මෙම ගොඩනැගිල්ල එරට රජයේ පාලනයේ තිබී ඉන් මිදුණ "කොල්ලකෑමට ලක් වූ ගොඩනැගිල්ලක්" ලෙස බලධාරීන් විස්තර කර තිබේ.
ජොහැන්නස්බර්ග් නගරයේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන "කොල්ලකෑ" ගොඩනැගිලි, ඉඩම් හිමියන් විසින් අතහැර දමා කල්ලි හෝ වෙනත් කණ්ඩායම් විසින් අත්පත් කර ගෙන ඇති අතර බොහෝ දුරට සංක්‍රමණිකයන්ට සහ වෙනත් ආකාරයේ නිවාස ලබා ගැනීමට හැකියාවක් නොමැති දකුණු අප්‍රිකානුවන්ට බදු දී ඇත.
දකුණු අප්‍රිකාව මෑත මාසවලදී රට පුරා අවිධිමත් ජනාවාස මේ ආකාරයට බිහිව ඇති බවත්
පුද්ගලයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුට පමණක් පදිංචි වීමට අදහස් කරන ගොඩනැගිල්ලේ ඇති මහල් නිවාස ඒකකයක 30 ක් පමණ බහු පුද්ගලයින්ට නවාතැන් ගැනීම සඳහා බෙදා ඇති බවත් පැවසේ.
මෙම ආකාරයේ නිවාස බොහෝ විට මූලික ආරක්ෂක රෙගුලාසි සපුරාලීමට අසමත් වේ.



හිටපු ජොහැන්නස්බර්ග් නගරාධිපති හර්මන් මෂාබා, ගිනි මරණ "විනාශකාරී" සහ "සම්පූර්ණයෙන්ම අනවශ්‍ය" ලෙස සිදුවූවක් ලෙස හැඳින්වීය.

එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය බලධාරීහු ගොඩනැගිල්ල අවිධිමත් ජනාවාසයක් ලෙස විස්තර කළ අතර මරණ වල වගකීම ඒ ඒ අයගේ පැවැත්ම අනුව තීරණයවී ඇතිබව විස්තර කර තිබේ. රජයේ මෙම ප්‍රකාශයන් මේ වනවිට එරට සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්ව ඇත.

 ගින්නට හේතුව කුමක්ද යන්න වහාම පැහැදිලි නැත. බ්‍රහස්පතින්දා මධ්‍යහ්නය වන විටත්, මහල් පහකින් යුත් ගොඩනැගිල්ලේ ඉහළ තට්ටු දෙකේ මියගිය පුද්ගලයින් ගණන් කිරීමට බලධාරීන්ට තවමත් නොහැකි වී තිබේ.