ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ වනපාරිකයකු මීට වසර විස්සකට පෙර ඔහුගේ නිවස තුළම මරා ඔහු පැළඳගෙන සිටි රන් ආභරණ සොරාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට වසර 03ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය. චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මොහොමඩ් ෆාරිස් නමැත්තාටය. 2003 වසරේ දී ගල්කිස්සේ දී පනස් දෙහැවිරිදි පුද්ගලයකු ඔහුගේ නිවස තුළම මරා ඔහු පැළඳ සිටි රන් ආභරණ සොරාගත් බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා තිබිණි.



විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් මේ වන විට 38 වන වියේ පසුවන තම සේවාදායකයා 19 වැනි වියේ සිටියදී සමලිංගික ක්‍රියාවක නිරතව සිටියදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් මෙය වූ බවත් ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා පශ්චාත්තාප වන බවත් පැවසීය. වයස අවුරුදු දෙකක දියණියකගේ පියෙකු වන තම සේවාදායකයා තම අතින් වූ ක්‍රියාව සම්බන්ධයෙන් පශ්චාත්තාප වී වරද පිළිගන්නේ යැයි කී නීතීඥවරිය තම සේවාදායකයාට අවම දඬුවමක් දෙන්නැයි ඉල්ලා සිටියාය. මරණකරුගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් විත්තිකරුගෙන් වන්දියක් බලාපොරොත්තු නොවන බවත්, ම

ෙම අපරාධය වන විට මරණකරු පවුම් 30ක් පමණ වටිනා රන් ආභරණ පැළඳ සිටියත් මෙ වන විට අධිකරණය හඳුනාගෙන ඇත්තේ මුදු දෙක පමණකැයි ද එය තම සේවාදායකයාට ආපසු ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම චෝදනාවට වසර 20 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ හැකි වුවත් තරුණ වියේදී අසම්මත ලිංගික ක්‍රියාවක නිරත වූ අවස්ථාවක මෙම අපරාධය වූ බවට ඉදිරිපත් වූ කරුණු සැලකීමේ දී අමානුෂික ආකාරයේ ඝාතනයක් කිරීමට පැමිණිල්ල නොදත් කරුණු හේතු වී ඇත්ද යන්න සැලකිල්ලට ගෙන වසර 03ක සිරදඬුවමක් නියම කරන බව සඳහන් කළේය. විත්තිකරුට රුපියල් 10,000/-ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඬුවමක්ද පැනවීය.
මනෝප්‍රිය ගුණසේකර