nadeesha-madhumali-dissanayake

වියට්නාමයේ ඩැන්නොග් පළාතේ පසුගියදා පැවැති 'Miss Business Global - 2023 තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නදීෂා මධුමාලි දිසානායක ‘ගෝලීය උරුම ව්‍යාපාරික රැජින 2023 – කිරුළ හිමිකරගැනීමට  වූවාය. සමත් රටවල් 28 ක විවාහක හා අවිවාහක තරගකාරියන් 28 දෙනකු සමග

තරග වැදී ඇය මෙම කිරුළ හිමිකරගෙන ඇත.

2022 වසරේ මෙරටදී පැවැති 'Mrs Business Global Sri Lanka' තරගාවලියේ කිරුළ හිමිකරගැනීමෙන් පසුව මෙම තරගාවලිය  නියෝජනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවිය.

මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්‍ෂ ලෙස තිළිණි ද සිල්වා මහත්මිය කටයුතු‍ කර ඇත. ජයග්‍රහණය පිළිබඳව නදීෂා මෙසේ කීවාය.

“මම අධ්‍යාපන ආයතනයක කළමනාකාරවරියක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා තමයි මට මේ තරගයට යන්න සුදුසුකම ලැබුණේ. රටවල් 28 ක තරගකාරියන් 28 දෙනකු සමග තරග වැදීමේදී ඔවුන් හරිම නිහතමානීව හා බොහොම මිත්‍රශීලීව එකිනෙකාට උදව් කිරීම විශේෂත්වයක් වුණා. බොහෝ ප්‍රශ්න මැද මෙවැනි තරගාවලියකට සහභාගිවී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිරුළක් හිමිකරගැනීමට හැකිවීම ගැන මට ඇත්තේ ලොකු සතුටක්. ඇය කීවාය.


සමන්ත යහම්පත්