
ජාතික පාසල් 34ක පවතින විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අදාළ සම්මුඛ පරීක්‍ෂණ පවත්වා මාස දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණද, අදාළ පත් කිරීම සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ කටයුතු නිසි ලෙස සිදුකර තිබෙන බවත්, කොළඹ නගරයේ පාසල් හතරකට තේරීපත් වී සිටින විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් පවතින දේශපාලන බලපෑම් මත අදාළ පත්වීම ලබාදීම ප්‍රමාදවෙමින් තිබෙන බවට වාර්තා වන බවත් එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
මෙම පාසල් 34ම ලංකාවේ ප්‍රධාන ජාතික පාසල් බවත්, පාසලකට ස්ථිර විදුහල්පතිවරයෙකු නොමැති වූ විට පාසල් දියුණු කිරීමට අදාළ ස්ථිර තීන්දු තීරණ ගැනීමට නොහැකි වන බවත් හෙතෙම පවසා සිටියේය.
අදාළ සම්මුඛ පරීක්‍ෂණවලින් දැනට වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන කිහිපදෙනෙකුත් විදුහල්පති තනතුරු සඳහා තේර්පත් වී සිටින බවත්, එම පිරිස් තේරීපත් වී තිබෙන අතර,මේ නිසා කඩිනමින් මෙම සියලුම දෙනාට පත්වීම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval