මේ වනවිට ආන්දෝලනයක් මතුකර තිබෙන නයිජර්හි මිලිටරි මැදිහත්වීම "දිගු ගැටුමකට" තුඩු දෙනු ඇති බවට රුසියාව අනතුරු අඟවා ඇත. කලාපීය කන්ඩායමක් වන Ecowas විසින් පොරොත්තු බලකායක් (standby force) එක්රැස් කරන බව පැවසීමෙන් පසුව මෙම තත්වය උත්සන්නව ඇත.


එවැනි මැදිහත්වීමක් සමස්ත කලාපයම අස්ථාවර කරනු ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.
කුමන්ත්‍රරණයට රුසියාව නිල වශයෙන් සහාය නොදක්වයි.


නමුත් බලයෙන් පහකළ නායක මොහොමඩ් බාසූම් යළි පිහිටුවීමේ උත්සාහයට පිටුබලය දෙන එක්සත් ජනපදය පවසන්නේ වැග්නර් කුලී හේවා කණ්ඩායම (Wagner mercenary group) අස්ථාවරත්වයේ වාසිය ලබා ගන්නා බවයි.

සිකුරාදා කුමන්ත්‍රණ ආධාරකරුවන්  පිරිසක් රුසියානු ධජ ලෙළවමින්, NIamey අගනුවර අසල ප්‍රංශ හමුදා කඳවුරක විරෝධතා දැක්වීය.
ප්‍රංශය සහ එක්සත් ජනපදය නයිජර් හි හමුදා කඳවුරු ක්‍රියාත්මක කරන අතර කලාපයේ ජිහාඩ් කණ්ඩායම්වලට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමට ඒවා භාවිතා කර ඇත.

Ecowas රටවල හමුදා නිලධාරීන් සෙනසුරාදා රැස්වීමට නියමිතව ඇති අතර,

ඒ තුලින් මිලිටරි මැදිහත්වීමක් සඳහා සැලසුම් කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරයි.

අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමට අවශ්‍ය බව එම කණ්ඩායම පවසා ඇති නමුත් නයිජීරියාවේ ජනාධිපති බෝලා ටිනුබු බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ “අවසාන විකල්පය ලෙස බලය භාවිතා කිරීම ඇතුළුව කිසිදු විකල්පයක් ඉවත් කර නොමැති” බවයි.

එක්සත් ජනපදය මිලිටරි ක්‍රියාවන්ට පැහැදිලිවම සහාය නොදක්වන අතර ජුන්ටාවට පසෙකට වී රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටී.
Ecowas නායකයින්ගේ නවතම ප්‍රකාශ වලට නයිජර් ජුන්ටාව ප්‍රතිචාර දක්වා නැත.
මේ අතර, ජූලි 26 දා හමුදාව බලය අල්ලාගත් දා සිට වහල්භාවයේ සිටින Bazoum මහතාගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ භීතිය වර්ධනය වෙමින් පවතී.



EU විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී Josep Borrell පැවසුවේ ඔහුට සහ ඔහුගේ පවුලේ අයට “ආහාර, විදුලිය සහ වෛද්‍ය පහසුකම් දින කිහිපයක් අහිමිව ඇති” බවයි.
එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසුවේ රඳවා තබා ගැනීමේ කොන්දේසි “අමානුෂික හා අවමන් සහගත සැලකිල්ලක් විය හැකි” බවට විශ්වාසදායක වාර්තා තමාට ලැබී ඇති බවයි.
තමාට සහ තම පවුලේ අයට "අමානුෂික සහ කුරිරු" ආකාරයෙන් සලකන බව බසූම් මහතා මේ සතියේ ඔවුන්ට ප්‍රකාශ කළ බව හියුමන් රයිට්ස් අයිතිවාසිකම් කණ්ඩායම පැවසීය.

"මගේ පුතා අසනීපයි, බරපතල හෘදයාබාධයකින් පෙළෙනවා, වෛද්‍යවරයකු හමුවිය යුතුයි" යනුවෙන් බාසූම් මහතා ඔවුන්ට පැවසූ බව HRW උපුටා දක්වයි.