niger-updates

නයිජර් කුමන්ත‍්‍රණ නායකයින් තම අසල්වැසියන් හමුදාවන්ගේ මැදිහත්වීමේ තර්ජනයක් පවසමින් නැවත දැනුම් දෙන තුරු එරට ගුවන් කලාපය වසා දමා ඇත.
Flightradar24 හි පියාසැරි ලුහුබැඳීමේ වෙබ් අඩවිය දැනට නයිජර් අහසේ ගුවන් යානා නොමැති බව පෙන්වා දෙයි.

ඉරිදා GMT 23:00 වන විට ජනාධිපති මොහොමඩ් බාසූම් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකළහොත් බලය යෙදවිය හැකි බව බටහිර අප්‍රිකානු රටවල් සමූහය වන Ecowas අනතුරු අඟවා තිබුණි.

ජුන්ටා ප්‍රකාශකයෙකු පවසන්නේ නයිජර් සන්නද්ධ හමුදා රට ආරක්ෂා කිරීමට සූදානම් බවයි.



බාසූම් මහතා ජූලි 26 වන දින රඳවා ගනු ලැබූ අතර, ජනාධිපති ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී වූ ජෙනරාල් අබ්දුරාහ්මනේ ටියානි පසුව නව නායකයා ලෙස ප්‍රකාශ කළේය.

 හිටපු යටත් විජිත බලවතා වන ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජනපදය ඇතුලුව ජාත්‍යන්තරය,මෙම මිලිටරි අත්පත් කර ගැනීම හෙළා දැක ඇත .

ඉරිදා ජාතික රූපවාහිනියේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ නයිජර් ජුන්ටාවේ නියෝජිතයෙක් කියා සිටියේ "විදේශීය බලවේගයක්" නයිජර්ට පහර දීමට සූදානම් වන බවට තොරතුරු ඇති බවයි.

නයිජීරියාවේ පැවති අර්බුදකාරී රැස්වීමකින් පසුව, Ecowas හමුදා ප්‍රධානීන් සිකුරාදා කියා සිටියේ බලය භාවිතා කළ හැකි සවිස්තරාත්මක සැලැස්මක් තමන් විසින් සකස් කර ඇති බවයි.

"අවශ්‍ය සම්පත්, අප හමුදාව යෙදවීමට යන්නේ කෙසේද සහ කවදාද යන්න ඇතුළුව ඕනෑම අවසාන මැදිහත්වීමකට යන සියලුම අංග මෙහි සකස් කර ඇත," දේශපාලන කටයුතු, සාමය සහ ආරක්ෂාව පිළිබඳ Ecowas කොමසාරිස් Abdel-Fatau Musah පැවසීය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "අපට රාජ්‍ය තාන්ත්‍රිකභාවය ක්‍රියාත්මක වීමට අවශ්‍ය වන අතර, ඔවුන් කළ දේ ආපසු හැරවීමට අපි ඔවුන්ට සෑම අවස්ථාවක්ම ඉඩ ලබා දෙන බවට මෙම පණිවිඩය ඔවුන්ට [නයිජර් ජුන්ටාවට] පැහැදිලිව ලබා දීමට අවශ්‍යය".



ප්‍රාදේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට ජෙනරාල්වරුන්ට බලය අත්හරින ලෙස බලකරමින් ඔවුන් සතියකට පෙර ඔවුන්ගේ අවසාන නිවේදනය නිකුත් කළ අතර,  එම කාලය දැන් ගෙවී ඇත.

Ecowas යනු නයිජීරියාව, සෙනගල්, ටෝගෝ සහ ඝානාව ඇතුළු බටහිර අප්‍රිකානු රටවල් 15 ක කලාපීය වෙළඳ සමූහයකි.

කුමන්ත‍්‍රණ නායකයින් බලය අත්හැරීමට ඇති කැමැත්ත පිලිබඳ කිසිදු සලකුනක් නොපෙන්වන බව පෙනේ, ඉරිදා ඔවුන්ගේ දහස් ගණන් ආධාරකරුවන් නයිජර් අගනුවර වන නියාමි හි ක‍්‍රීඩාංගනයකට නොබියව පෙළ ගැසී සිටියහ.

නයිජර්හි අසල්වැසියන් දෙදෙනෙකු වන බුර්කිනා ෆාසෝ සහ මාලි , කලින් අනතුරු ඇඟවූයේ, නයිජර්හි ඕනෑම බාහිර මිලිටරි මැදිහත්වීමක් ඔවුන්ට එරෙහිව "යුද්ධ ප්‍රකාශයක්" ලෙස සලකන බවයි. බුර්කිනා ෆාසෝ සහ මාලි යන රටවල් Ecowas සාමාජිකයින් වන නමුත් වර්ථමානයේ දී හමුදා ජුන්ටාව විසින් පාලනය කරන ලද බැවින් Ecowas සාමාජිකත්වය අත්හිටුවා ඇත.

න්‍යෂ්ටික බලය සඳහා අත්‍යවශ්‍ය ඉන්ධනයක් වන යුරේනියම් නිෂ්පාදනය කරන්නන් අතර නයිජර් සැලකිය යුතු යුරේනියම් නිෂ්පාදකයෙක් වෙයි. එසේම Bazoum මහතා යනු බටහිර අප්‍රිකාවේ සහෙල් කලාපයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ප්‍රධාන බටහිර සගයෙක් වෙයි.