pinky-story

පසුගිය දිනවල හවායි දූපත්හි ඇතිවූ ළැව් ගිනි හේතුවෙන් මහත් විනාශයක් සිදු විය.මෙම විපත හමුවේ අතුරුදන්වූවන් මියගිය අය ගැන විවිධ ශෝචනීය කතාන්තර විදෙස් මාධ්‍ය පළ කර තිබේ.

Lynette "Pinky" Iverson වසර ගණනාවක් තිස්සේ හවායි නගරයේ Lahaina හි ජීවත්ව ඇත. ප්‍රදේශවාසීන් ඇයව හඳුනන්නේ ඇය නිතර තනිව සැරිසරසන පිකප් ට්‍රක් රථය සහ ටයිනි නම් වූ ඇගේ සුරතලා නිසාය.

එම ට්‍රක් රථයට ඇය "බොහෝ " මිනිසුන් පිටුපසට පටවාගෙන අඟහරුවාදා ලැව්ගිනි පැතිරීමත් සමඟ නගරයෙන් පලා ගිය සිද්ධිය ගැන කථාබහක් ඇති විය.



"මම මගේ ට්‍රක් රථයට නැග්ගා, ඒ වන විටත් එහි ටයර් වලට ගිනිදැල්වලින් ඇවිළී තිබුණා" යැයි ඇය යුද අනුස්මරණ ක්‍රීඩාංගනයේ හදිසි නවාතැනේ සිට බීබීසී ප්‍රවෘත්ති සේවයට ඇගේ දුක්ඛිත තත්වය ආරම්භ වූ ආකාරය පැහැදිලි කළාය.

"මම බොහෝ මිනිසුන් බේරා ගැනීමට උත්සාහ කළා, නමුත් ඇතැමුන් බේරා ගැනීමට මට නොහැකි වුණා," ඇය තවදුරටත් කීවාය.

සිකුරාදා වන විට මරණ සංඛ්‍යාව 67 දක්වා ළඟා වී ඇති බව තහවුරු කළ අතර එය නිල වශයෙන් හවායි ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ  මාරාන්තිකම ස්වාභාවික ව්‍යසනය බවට පත් විය.

ගිනි අඟුරු දැල්වීම වැළැක්වීමේ අපේක්ෂාවෙන් ඇය තම නිවසට ජලය ඉසින විට ගින්න තව තවත් වැඩි වූ බව කීවාය.

"එක් කාන්තාවක් එළියට එන්න කැමති වුණේ නැහැ. තවත් මිනිසෙක් උදව් ඉල්ලා කෑ ගැසුවා,"  “ඒ වන විට අපි, කළු දුමාරයේ ගිලී සිටියා,”  ඇය කලබලකාරී දර්ශනය ගැන පැවසුවාය.

පලා යාමට පෙර ඇයට අල්ලා ගැනීමට හැකි වූයේ ඇගේ මෝටර් රථයේ යතුරු සහ ටයිනි පමණි.



කතා කරමින් සිටින විට, ඇගේ බල්ලාට අඟල් කිහිපයක් දුරින් ඇඳ ඇතිරිල්ලේ යමක් බඩගා යන බව මම දුටුවා. එය කුමක්දැයි නොදැන, මම මගේ සටහන් පොත භාවිතා කර එය බිමට හෙළුවා..
එහි පත්තෑයෙක් සිටියා, එම සතා විෂ සහිත නිසා දෂ්ට කළහොත් ටිනී මිය යා හැකි බව සිතුනා.

අයිවර්සන් මහත්මිය මෙම දුෂ්කරතාව ගැන කණස්සල්ලෙන් කතා කළාය. නවාතැනේ දී ලබා දුන් තහඩු වල පිරිසිදුකම ගැන කලකිරීමට පත් වූවාය.
තමාට දුරකථනයක් නොමැති නිසා, බීබීසීයට කතා කිරීම තුලින්, නෙවාඩා හි සිටින ඇගේ සහෝදරයා ඇය ආරක්ෂිත බව දැන ගනු ඇතැයි ඇය බලාපොරොත්තු වන බව කීවාය.

අයිවර්සන් මහත්මිය වසර හයක් ඇගේ ප්‍රසිද්ධ ට්‍රක් රථයේ ජීවත් වූ අතර අවසානයේ ලාහයිනා හි ආබාධිත හා වැඩිහිටියන් සඳහා වූ නිවාසයකට ඇතුළත් විය.

70 වැනි වියේ පසුවන ඇය නැවත වරක් ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටී.

වසර 10 ක් ලහයිනා හි ජීවත් වූ හිටපු වාණිජ කිමිදුම්කරුවෙකු වන ස්ටීව් ස්ට්‍රෝඩ් පවසන්නේ, තමා ජීවිතය බේරා ගැනීමට දිව යන විට ඔහුට බේරා ගැනීමට නොහැකි වූ අසල්වැසියන් පිළිබදව දුක්වන බවයි.

එසේම ඔහු පවසන්නේ තම නිවාස සංකීර්ණයේ එක් ආබාධිත මිනිසෙක් සිටි බවත් ඔහුට පලා යාමට නම් කිහිප දෙනෙකුගෙන්ම උපකාර අවශ්‍ය බවත්ය.

නමුත් ඒ අවස්ථාවේ උදව් කිරීමට කණ්ඩායමක් එකතු කර ගැනීමට වෙලාවක් නොතිබූ නිසා "මට ඔහු දමා ඒමට සිදු වුණා," යැයි ඔහු සිහිපත් කරයි.



ඔහු සහ ඔහුගේ අසල්වැසියා දිවි ගලවා ගත්තේ ඔවුන්ගේ බයිසිකල් භාවිතා කරමිනි. වයස  60 ගණන්වල පසුවන ඔවුන්ට, සමහර අවස්ථාවලදී අඩි 10 (මීටර් 3) තරම් උස ගිනිදැල් හරහා බයිසිකල් පැදීමට සිදු විය.

ඓතිහාසික ලහයිනා නගරයේ ,හවායි හි මවුයි දූපතේ සහ බිග් අයිලන්ඩ් හි ලැව්ගිනි අඟහරුවාදා රාත්‍රියේ ආරම්භ විය. සුළි කුණාටු සහ වියළි කාලගුණය ගිනිදැල් අවුලුවාලීමට මෙන්ම වේගවත් පැතිරීමට හේතු විය.

ව්‍යසනය හේතුවෙන් දහස් ගණනකට නිවාස අහිමි වී ඇති අතර, දැනට Maui හි ක්‍රියාත්මක වන ආරක්ෂිත ස්ථාන හයක් ඇත.