pitipana-buddha-statue

හෝමා­ගම පිටි­පන පන්සල් හන්දිය ප්‍රදේ­ශයේ නිවාස සංකී­ර්ණ­යට යන මාර්ග­යක කොට­සක බුද්ධ මන්දි­ර­යක් ඉදි කිරී­මට යාමේදී දෙපා­ර්ශ්ව­යක් අතර ඇති වූ ගැට­ලු­වක් මත එම ස්ථානයේ තැන්පත් කිරී­මට ඊයේ (06) දින වඩම්වා තිබූ බුදු පිළි­ම­යක් හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය වෙත තාව­කා­ලි­කව වැඩම කර­වී­මට කට­යුතු කළ බව හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

තමන්ගේ අකැ­මැත්ත මත අදාළ මාර්ගයේ බුද්ධ මන්දි­ර­යක් ඉදි නොක­රන ලෙසට එම මාර්ගයේ ජීව­ත්වන පිරි­සක් කළ පැමි­ණි­ල්ලක් මත මෙලෙස පොලිස් කණ්ඩා­ය­මක් අදාළ බුද්ධ මන්දි­රය ඉදි කිරීම තාව­කා­ලි­කව නැවැ­ත්වී­මට කට­යුතු කළ බවද පොලි­සිය පව­සයි. එම අව­ස්ථා­වේදී බුද්ධ මන්දි­රයේ තැන්පත් කිරීම සදහා වඩම්වා තිබූ බුදු පිළි­මය තැබී­මට ස්ථාන­යක් නොවූ­යෙන් මෙලෙස පොලි­සි­යට වැඩම වීමට සිදු ව ඇත.



අදාළ මාර්ගයේ මෙලෙස බුද්ධ මන්දි­ර­යක් තැනී­මට හෝමා­ගම ප්‍රාදේ­ශීය සභාව මගින් අනු­මැ­තිය ලබා දී නොමැති බවත් තම නිව­සට යන මාර්ගයේ මෙලෙස බුද්ධ මන්දි­ර­යක් තැනීම නිසා­වෙන් තම රථ වාහන රැගෙන යාමට අප­හසු වන බවත් ඒ ආස­න්න­යේම විහා­ර­ස්ථා­න­යක් තිබෙන බැවින් මෙලෙස බුද්ධ මන්දි­ර­යක් අවශ්‍ය නොවන බවත් පැමි­ණිලි පාර්ශ්වය විසින් පවසා ඇත.

අනෙක් පාර්ශ්වය පවසා ඇත්තේ පදිං­චි­ක­රු­ව­න්ගෙන් ලිඛිත අව­ස­රය ලබා ගත් බවයි. මේ වන විට බුද්ධ මන්දි­රයේ කොට­සක් ඉදි­කර ඇති බවත් ඒ නිසා­වෙන් මේ පිළි­බ­දව නිව­රැ­දි­වම හෝමා­ගම ප්‍රාදේ­ශීය සභා­වෙන් විමසා ඉදිරි කට­යුතු සදමා අව­සර දෙන­වාද නැද්ද යන්න තීර­ණය අද (7) දින ගන්නා බව ද හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය පැව­සීය.

මීගොඩ - බී. කේ. කත්‍රි­ආ­රච්චි