pujith-jayasundara-accident

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පදවන ලද රියක් පාර්ලිමේන්තු පාරේදී අනතුරට ලක්වීමේ සිදුවීමක් 17 වනදා වාර්තා විය.


ඔහු විසින් පදවාගෙන යන ලද පොලිස් කාර් රථය පාර්ලිමේන්තු පාරේ ජපන් මිත්‍රත්ව පාලම අසලදී වේගය පාලනය කරගත නොහැකිව වම් පසට ඇදී ගොස් නවතා තිබූ කාර් රථයක ගැටී ඇති අතර රථ දෙකටම අලාභ සිදුවී ඇත. පූජිත් මහතාට හෝ  කිසිවෙකුට මෙම අනතුරින් තුවාල සිදුවූ බවක් වාර්තා නොවේ.
රිය අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.