ridiyagama-incident

රිදියගම සෆාරි උද්‍යානයේ "සිනා" නමැති සිංහ ධේනුව බිහිකළ සිංහ පැටවුන් දෙදෙනකු ඊයේ සිට (10දා) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසී ය.

ඊයේට (10දා) යෙදුණු ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් එදින සිට මෙම පැටවුන් දෙදෙනා දවසේ සීමිත කාලයක් මහජන ප්‍රදර්ශනයට තබන බවද හෙතෙම කියා සිටියේ ය.



මෙම පැටවුන් දෙදෙනා බිහිකළ 'සිනා'  සිංහ ධේනුව විසින් අවස්ථා තුනකදී පැටවුන් 9දෙනෙකු බිහිකර තිබේ. ඒ අනුව අද වන විට රිදියගම සෆාරි උද්‍යානයෙන් බිහිව මේ වනව්ට ජීවත්ව සිටින සමස්ත සිංහ පැටවුන් සංඛ්‍යාව 18කි. මේ අතර "ලාරා" නමැති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන "ඩෝරා" බොහෝ දෙනකුගේ ආදරය දිනාගැනීමට සමත් වී ඇත.

මෙම සිංහ පැටවුන් දෙදෙනා හට මේ වනතෙක් නම් තැබීමක් කර නොමැති අතර,

ඔවුන් හට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මගින් ළමයින්ට අවස්ථාව සලසා දී තිබෙන බවත්, හොඳම නම් යෝජනා කරන කීපදෙනෙකුට ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවත් රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු, සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසීය.
 හම්බන්තොට - රාහුල් සමන්න හෙට්ටිආරච්චි