ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කොළඹ දී ඊයේ 29 මෙසේ කීවේය.
'' මැද කොළඹදී පැවැති පක්ෂ සම්මේලනයේදී මා පවත්වපු කතාවේ කොටසක් අලලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මා හට එන්තර වාසියක් යොමු කරලා තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා මේ රටේ හිටපු ඇමැතිවරයකු ඇතුළු රටේ
වැදගත් නිලතල දරමින් මේ රටට කිසි දෙයක් කරන්න අසමත්වෙච්ච පුද්ගලයෙක් විදිහට අපට ඔහුගෙන් ප්‍රශ්න ගොඩක් විමසන්න තිබෙනවා. ඒ නිසා කරුණාකරලා අධිකරණයකට යන්න කියා අනුර කුමාර දිසානායක මහතාගෙන් මම ඉල්ලා සිටිනවා. මේ රටේ වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු කාලයේ වැව් දස දහසක් හදනවා කියලා භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන හදපු වැව් ටික මොනවාද කියලා එතුමාගෙන් දැනගන්න අධිකරණයේ දී අපි කැමතියි.
රාජපක්ෂවරුන්ට හොරු වංචාකාරයන් කියා විවිධ අවලාද නැගූ අනුර කුමාර මහතා අධිකරණයකට ඇවිත් මේ වට සාක්ෂි දෙනවා නම් අපි කැමැතියි.
එතුමා මේ කාරණා කියන්නේ යම්කිසි පදනමක් උඩ වගකීමක් ඇතිවද එහෙම නැතිව මේ රටේ ජනතාව නොමග යවන්න බොරු ප්‍රකාශයක් ද කියලා එතුමාගෙන් උසාවියේදී දැනගන්න අපි බලාගෙන ඉන්නවා. එතුමාගෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් අහන්න අපට ගොඩක් ප්‍රශ්න තිබෙන්වා. ඒ නිසා කරුණාකරලා මේ නඩුව පවරන්න කියලා ඉල්ලීම මම කරනවා." යැයිද කීය.
0 Comments