shalani-lover-marriage

පසුගියදා රංගන ද සිල්වා යූ ටියුබ් නාලිකාව සමග එක්වූ රංගන ශිල්පිණි ශලනි තාරකා ක්‍රිකට් සභාපතිවරයෙකුගේ පටලැවිල්ල ගැන කතා යන අතරේ ඇගේ විවාහය ඉතාම ආසන්න දිනෙක සිදුවන ආකාරය ගැන අදහස් දක්වා තිබේ.
‘මං විවාහවන පුද්ගලයා පිළිබඳව අනාවරණය කරන්න හිටියා. සතියකට කලින් මගෙත් එක්ක මේ වැඩසටහනට සූදානම් වෙනකොට ඔබ. නමුත් ගෙවී ගිය දවස් කීපයේ සිදුවූ  දේ එක්ක දැනටත් අනාවරණය නොකර ඉන්න තීරණය කරනවා.

එයා සාමාන්‍ය කෙනෙක්. එයා නළුවෙක් වත් විශේෂ කෙනෙක් වත් නෙමේ. එයාව එලිකරලා මං එයාට ස්ට්‍රෙස් කරන්න කැමති නැහැ. මේ පහුගිය කාලෙ සිද්ධි එක්ක මගේ විවාහය දෙදරලා ගියා කියලත් කතා ගියා. මං මගේ පුද්ගලිකත්වය ඒ විදිහට තියාගන්න කැමතී.
මීට සතියකට කලින් නම් මං එයා ගැන එලිකරන්න හිටියා. විවාහයෙන් පස්සෙ තමා එයා ගැන එලි කරන්න ඉන්නෙ.
එයාගෙ පුද්ගලිකත්වය තියෙන්නෙ මාත් එක්ක. ඒ නිසා මාධ්‍යයට නිරාවරණය කරන්න එන එකක් නැහැ.

මේ සිදුවීමත් එක්ක ඔහුගේ ප්‍රතිචාරය හිතපු නැති තරම් ඉහළයි. මං හිතුවෙ අවුල් වෙයි කියලා.නමුත් හරි කූල් විදිහට ගත්තෙ. මිනිස්සු හදුපු මෙම්ස් වලට හිනාවුණා. එයාට ඒක ප්‍රශ්නයක් නෙමේ කියලත් කිව්වා. ඔහුට මං ගැන සැකයක් නැහැ.
ඔහු නං ඔය ඕපාදූප හොයන් නැහැ.

කනට අමාරු ගෑනු කටහඩවල් වලින් කතාකරන යූටියුබ් නාලිකාවල කියන බොරු එයා සතපහකට ගණං ගන් නැහැ.

මගේ විවාහය සිද්ධ වෙන්නේ අගොස්තු මාසෙ මැද හරියටම දින කියන්න අවශ්‍ය නැහැ. මං පෙම්වතා ගැන මීට කලින් එලි කරන්න හිටියේ නමුත් මේ දිනවල වෙච්ච දේවල් එක්ක ඒකනොකර ඉන්න තිරණය කරා. අපි දෙන්නා ආගම් දෙකක.
අපි කලින් ප්ලෑන් කරලා තිබ්බ විදිහටම. චාරිත්‍ර කිහිපයක් සිද්ධ වෙනවා. ආගම් දෙකක අපි මං කතෝලික එයා බෞද්ධ. ඉතින් ඒ ආගම් දෙකට අනුකූලව විවාහය සිද්ධ වෙනවා. ඉතින් මේ වෙද්දී සීයට අසූවක්ම වැඩ අවසන් කරලා ඉවරයි.
කෝටි ගණන් සාරි ගන්න යනව කියල ඒ දේවල් නම් ඒ බොරු කතා මං දන්නෑ. ඇයි එහෙම අවධානය ගන්න. නිවුස් ගන්න මිනිස්සු ඒ වගේ බොරු කතන්දර හදන්නේ කියලා.

මම සාරියක් අඳින ඔසරියක් අඳිනවා. ඒකෙත් කෝටි ගණන් වල නෑ,   මට මං දන්න ඇයි මොන පදනමකින්ද මේවගේ දේවල් මිනිස්සු පතුරවන්නේ කියලා මම දැක්කා. මගේ මාමණ්ඩි රින්ග් එකක් අරන් දීලාලු පොඩි ළමයි ඉන්නවාලු සීයක් විතර ඉතින් එහෙම පදනමක් නැති දේවල් මිනිස්සු  පළකරනවා .. හරිම සරල වෙඩින් එකක් ගන්නෙ මට ඕනේ හැමදේම හරි සිම්පල් විදිහට එහෙම කරගෙන යන්න නැතුව අර අවධානය ගන්න ලොකු දේවල් කරලා එහෙම එකක් නෑ.

 විවාහයෙන් පස්සේ ඔබේ සූදානම මොකක්ද? ඔහුත් එක්ක පිටරට පදිංචියට යෑම ද කලාවෙන් ඉවත් වීම ද ඔහුගේ කොන්දේසි තියෙනවද?

මේ තාක්කල් කිසිම කොන්දේසියක් දාලා නැහැ. මොකද එම කොන්දේසියක් ද දැම්මා නම් මං හිතන්නේ මේ ක්ෂේත්රය තුළ මෙම පහුගිය කාලෙ කරපු කලා කටයුතු කරගන්න බැරිවෙනවා. මට එතැනදී ඔහු උපරිම සහයෝගය දුන්නා. ඒ කාල වකවානුවේ මාව නළුවන් කිහිපදෙනෙකුටම ජෝඩු කරපු වතාවන් තියෙනවා. ඒ හැම දෙයක්ම එයා මාර විදිහට ඉවසගෙන බැලුවේ.. එයාගේ කොන්දේසි කිසිම දෙයක් නැහැ ඔයා මේක කරන්න එපා මේක කරන්න එපා. මේක එදත් තිබුණා. අදත් තිබ්බේ නැහැ. හෙටත් මං හිතන්නේ නැතිවෙයි දන්නේ නැ.